ඉලංගෝ රාම්ගේ අධ්‍යක්ෂණය, තිර රචනය සහ කැමරාකරණයෙන් නිර්මාණය වූ “නෙළුම් කුළුණ” (Tentigo) චිත්‍රපටය පසුගිය (මාර්තු 14) වනදා සිට දිවයින පුරා සිනමා ශාලා වල තිරගත වීම ආරම්භ කළ බව ඔබට මතක ඇති.
මේ වන විට දිවයින පුරාම සිනමා ශාලා වල අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ එය තිරගත වනවා.
මේ අතර, ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කළ නෙළුම් කුළුණ” සිනමාපටය, ‘පෙරැසු’(Perusu) නැමැති ඉන්දියානු චිත්‍රපටයේ කොපියක් බවට ද ඇතැමුන් ප්‍රකාශ කර තිබෙනු දක්නට ලැබුණා.
නමුත් සත්‍ය වන්නේ, ‘Perusu’ ඉන්දියානු දමිළ චිත්‍රපටයත් ශ්‍රී ලංකාවේ “නෙළුම් කුළුණ” සිනමාපටයේ ම ප්‍රතිනිර්මාණයක් වීමයි.
එනම්, මෙම චිත්‍රපට දෙකම අධ්‍යක්ෂණය කරන්නේ ශ්‍රී ලාංකීය සිනමාකරුවෙකු වන ඉලංගෝ රාම් විසිනුයි.ඔහු එය දමිළ භාෂාවෙන් ‘පෙරැසු’ සහ තෙළිඟු භාෂාවෙන් ‘පෙධා’ ලෙස නැවත ප්‍රති නිර්මාණය කර ඇති අතර, විදේශයකදී නැවත නිර්මාණය (Remake) කරන ලද ප්‍රථම ශ්‍රී ලාංකීය චිත්‍රපටය බවට පත් වන්නේ මෙයයි.ඉන්දියානු දෙමළ භාෂාවෙන් පමණක් නොවෙයි, ඉදිරියේදී හින්දි භාෂාවෙනුත් ‘නෙලුම් කුලුන’ Bollywood චිත්‍රපටයකුත් ඔබට නරඹන්නට හැකියාව ලැබෙනවා.
එපමණකුත් නෙමෙයි, ඇමරිකානු Hollywood ප්‍රතිනිර්මාණයක් ලෙසටත් මෙය ඉදිරියේදී යලි-නිෂ්පාදනය වීමට නියමිතව තිබෙනවා.
මෙම ශ්‍රී ලාංකීය චිත්‍රපටයේ ස්පාඤ්ඤ - ඉතාලි - ප්‍රංශ - බෙල්ජියම් Remakes සඳහාත් මේ වනවිට සාකච්ඡා පවත්වමින් තිබෙනවා. ඉතා නුදුරේදීම ඒවායේ වැඩ කටයුතු ආරම්භ කිරීමටත් සූදානම්…
මෙහි ඉන්දියානු කොලිවුඩ් ප්‍රතිනිර්මාණය වන ‘පෙරැසු’(Perusu) චිත්‍රපටය නිෂ්පාදනය කළේ ‘Jigarthanda’ ‘Pizza’ ‘Petta’ වැනි ජනප්‍රිය සිනමාපට ඔබ වෙත ගෙනා කාර්තික් සුබ්බුරාජ් විසිනුයි.
මීට පෙර ලාංකීය චිත්‍රපටයකට ලෝ පුරා ප්‍රධාන සිනමා කර්මාන්තවලට මෙතරම් remake වන්නට තරම් අවස්ථාවක් ලැබී තිබුනේ නැහැ.
නමුත් “නෙළුම් කුළුණ”චිත්‍රපටය, දැන් ඒ කඩයිම පසු කර තිබෙනවා.
ඉතින්, තවමත් ඔබ ‘නෙළුම් කුළුණ’ චිත්‍රපටය නැරඹූවේ නැත්නම් එය රසවිදින ලෙස ද ඉල්ලා සිටින්නට කැමතියි.