දේශිය සිනමා ශිල්පීන්ගේ සන්ධානය හා ජාතික චිත්‍රපට සංස්ථා සභාපති සුදත් මහදිවුල්වැව අතර හමුවක් ඊයේ (25) චිත්‍රපට සංස්ථාවේදී පවත්වා තිබෙනවා.
මෙම හමුව පිළිබඳව හා එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව දේශිය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ ලේකම් මොහාන් හෙට්ටිආරච්චි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින් දක්වා ඇත.
"දේශිය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ අපි අද දින ( 2025/03/25 ) ජාතික චිත්‍රපට සංස්ථා සභාපති සුදත් මහදිවුල්වැව මහතාව මුනගැසුනා, එහිදී සිනමාවේ දැනට ඇතිවී ඇති ගැටළු සහ ඉදිරියේදී ඇතිවියහැකි තත්වයන් පිළිබඳව දීර්ඝ සාකච්ඦාවක නිරත උනා, එකී සාකච්ඦාව සැබැවින්ම ඉතා ධනාත්මක තත්වයක පැවති අතර, සංස්ථා සභාපතිවරයා පිළිබඳව විශ්වාසය තබමින් වැඩකල හැකිබව පෙනීගියා, එය සතුටට කරුනක්, ඔහු මේ මොහොතේත් අදාල විෂය කරුණු පිළිබඳව තවදුරටත් හදාරමින්, ක්‍රමානුකූලව ගැටළු නිරාකරණය වෙත ගමන්කරමින් සිටිනබව පෙනුනා, අවබෝධයෙන් යුක්තව යන ගමන වඩාත් ශක්තිමත් හෙයින්, ඔහු කෙරේ අප සංවිධානය තවදුරටත් විශ්වාස තබමින්, ඔහුත් සමඟ ඉදිරි පියවර තැබීමට අපද එකඟතාවය ප්‍රකාශකර සිටියා, ඉදිරියේදී තවත් අදහස් හුවමාරු සඳහා ඉඩප්‍රස්ථාව නිර්මානය කරගනිමින් සිනමාවේ සබෑ ගැටළු නිරාකරණය සඳහා මැදිහත්වීමේ මහත් බලාපොරොත්තු සහිතව අද දවසේ සාකච්ජාව නිමාකලා,
ස්තුතියි සභාපතිතුමා ස්තුතියි දිවුලා
මොහාන් හෙට්ටිආරච්චි
ලේකම්
දේශිය සිනමා ශිල්පීන්ගේ සන්ධානය,
2025/03/25
( ජාතික චිත්‍රපට සංස්ථාවේ නිල Facebook පිටුව ඇසුරිනි)