ලවන් අභිෂේක්, සචින්තනී කෞෂල්‍යා , නෙත්මි රොෂෙල් ඇතුලු පුංචි තිරයේ ජනප්‍රිය නලු නිලියන් රැසක් රංගනයෙන් එක්වන 'සුපෙම් සුළඟක්' අලුත්ම සිංහල චිත්‍රපටය ළඟදීම දිවයින පුරා තිරගත වීමට නියමිතව තිබෙනවා.
තුන්කොන් ආදර කතාවක් වටා ගෙතෙන “සුපෙම් සුළඟක්” චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ, මීට පෙර විසංගමනය චිත්‍රපටය ඔබ වෙත ගෙනා රන්ජන් ප්‍රසන්න යි. මෙය ඔහුගේ දෙවන චිත්‍රපට අධ්‍යක්ෂණයයි.
චිත්‍රපටයේ තිර පිටපත සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදානපතිරණගෙනි