2025 ඉන්දියානු විචාරක සම්මාන උළෙලේ හොඳම නිළිය සම්මානය දර්ශනා රාජේන්ද්‍රන් ට හිමිව තිබෙනවා. ඇයට මෙම සම්මානය හිමිව තිබෙන්නේ ‘Paradise’ චිත්‍රපටයේ ‘අම්රිතාගේ’ චරිතය නිරූපණය කරමින් කළ විශිෂ්ට රංගනය වෙනුවෙනි.
පසුගිය වසරේ තිරගත වූ ‘Paradise’චිත්‍රපටය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කළ අතර ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ තිර ගත වූ මෙම චිත්‍රපටය 2025 වසරේ ඉන්දියානු විචාරක සම්මාන උළෙලේ සම්මාන රැසකට නිර්දේශ විය.
එම නිර්දේශ නම් මෙසේයි,
* හොඳ ම චිත්‍රපටය ලෙස පැරඩයිස්
* හොඳ ම සහය නළුවා ලෙස මහේන්ද්‍ර පෙරේරා
* හොඳ ම නිළිය ලෙස දර්ශනා රාජේන්ද්‍රන්
* හොඳ ම සංස්කරණය ලෙස ශ්‍රිකර් ප්‍රසාද්
දර්ශනා රාජේන්ද්‍රන් ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්.