lan englan tam

පුවත්

සිනමාවේ "දුහුල් මල" නීටා ප්‍රනාන්දුගේ "තේජා"

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්මානනීය රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු රංගයෙන් සහ නිෂ්පාදනයෙන් දායක වන "තේජා" සිනමා පටයේ මංගල දැක්ම (premier) පසුගියදා පැවැත්වුණා.


මෙම චිත්‍රපටය නිලන්ත හපන්වීරගේ අධ්‍යක්ෂණයක්.


ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු සමගින් විශිෂ්ඨ රංගනවේදී මහේන්ද්‍ර පෙරේරා , අනුරුද්ධිකා පාදුක්කගේ ,චමිලා පීරිස් , අයිරාංගනී සේරසිංහ , සුජානි මේනකා , අතුල පතිරණ , ශ්‍රීමාල් වෙඩිසිංහ ඇතුළු ප්‍රවීණයන් රැසක් තේජා චිත්‍රපටයට රංගනයෙන් එක් වනවා.


1980 දශකයේ නිදහස් වෙළඳ කලාපීය ඇඟලුම් කම්හල් තුළ බලාත්මක කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් , පීඩාකාරී කළමණාකරණ උපක්‍රම සහ සමාජ අසාධාරණයට එරෙහිව නැඟුණු කාන්තා විමුක්තියේ දෝංකාරය " තේජා " චිත්‍රපටය හරහා නිරූපණය වනවා.

 

https://fb.watch/yzswVuFb4w/

Back to top
Go to bottom