ලඟදීම තිරගත වීමට නියමිත චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ‘Father’ චිත්‍රපටයේ එක් දර්ශනයක ඡායාරූපයක් මේ දින වල සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකාරය දැකිය හැකියි.
එය නම් කර ඇත්තේ "ඉතිහාසය නැවත නැවතත් සිදුවෙමින් පවතියි , යම් උසාවියක් ඉදිරිපිට - 1991" යනුවෙනි.
‘Father’ චිත්‍රපටයට ජගත් මනුවර්ණ, බිමල් ජයකොඩි, චාන්දනී සෙනෙවිරත්න, ශ්‍යාම් ප්‍රනාන්දු, දිල්හානි ඒකනායක වැනි දක්ෂ නලු නිලියන් පිරිසක් රංගනයෙන් එක්වනවා.
මෙහි කැමරාකරණය විශ්වජිත් කරුණාරත්න විසිනි.
ලගදීම 'Father' චිත්‍රපටය දැකගැනීමට ඔබට අවස්ථාව උදාවනු ඇති.