lan englan tam

පුවත්

මිලියන 10 ක් නැරඹූ දිනුලි දම්සාදිගේ “ට්‍රිප් එක පාන්දරින්”!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අලුත් ළමා ගීතයක් මේ දවස් වල ලංකාවේ ජනප්‍රියම ගීතය බවට පත් වෙලා කිව්වොත් වරදක් නෑ.


මේ ගිතය තමයි දිනුලි දම්සාදි කියන පුංචි ගායිකාව ගායනා කරන ‘යං යං පාන්දරින් ට්‍රිප් එක පාන්දරින්’ කියන ගීතය.


අද දවස වෙනකොට, (29) මේ ගීතය You Tube හරහා විතරක් මිලියන දහයකට වැඩි නැරඹුම් වාර ප්‍රමාණයක් ලබා ගන්න සමත් වෙලා තියනවා.
මේ ගීතය රචනා කරලා තියෙන්නේ ලසිත් ජයනෙත්ති. සංගීතය නිර්මාණය ඩිල්ෂාන් එල් සිල්වා. ගීතයේ රූප රචනය නිර්මාණය කිරීමේදී එහි සංකල්පය හා අධ්‍යක්ෂණය චාරුක දුශ්‍යන්ත.මේක Thaala Entertainment නිෂ්පාදනයක්.


මේ ගීතය ගායනා කරන පුංචි ගායිකාව දිනුලි ගැනත් යමක් කිව්වොත් ඇය ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබන හය ශ්‍රේණියේ දැරියක්.දෙරණ little Star තරගය හරහා තමයි ඇයට මුලින්ම ගායන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ගමන් මග නිර්මාණය වෙලා තියෙන්නේ.

දිනුලි ඇතුළු මේ ගීතයේ නිෂ්පාදන කණ්ඩායමට අපගේ උණුසුම් සුභ පැතුම්.

https://web.facebook.com/share/p/1EqvRiurLv/

Back to top
Go to bottom