lan englan tam

පුවත්

ලියනාඩෝ ඩිකැප්‍රියෝගෙ සුපිරි රංගනය ආයෙත් ‘One Battle After Another’!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලියනාඩෝ ඩිකැප්‍රියෝ කියන්නේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිම් සම්මානය පවා හිමි කර ගත් සුපිරි හොලිවුඩ් තරුවක් කිවුවොත් හරි.

‘Titanic’, ‘Inception’, ‘Django Unchained’, ‘The Wolf of Wall Street’, සහ ‘The Revenant’ වගේ චිත්‍රපටි බොහොමයක් හරහා ඔහුගේ  රංගනය දැකගන්න පුළුවන් උනා.

විශේෂයෙන්ම 2015 වර්ෂයේ තිරගත උන ‘The Revenant’ චිත්‍රපටිය හරහා ඔහුගේ විශිෂ්ට රංගනයක් දැකගන්න පුළුවන්. ඒ චිත්‍රපටයේ ඔහු රගපෑ චරිතය වෙනුවෙන් ඔහුට ඒ අවුරුද්දේ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවට හිමි සම්මානය පවා හිමි උනා.

ඩිකැප්‍රියෝ ගේ අලුතෙන්ම එන්න තියන චිත්‍රපටය තමයි "One Battle After Another" කියන්නේ. මේ චිත්‍රපටයේ Trailer එක මීට ටික දිනකට කලින් නිකුත් උනා.

මේ චිත්‍රපටිය පෝල් තෝමස් ඇන්ඩර්සන් ගේ අධ්‍යක්ෂණයක්. මේක නිෂ්පාදකයත් ඔහුම තමයි.

ඩිකැප්‍රියෝ ට අමතරව ෂෝන් පෙන් (Sean penn), බෙනිසියෝ ඩෙල් ටොරෝ (Bonicio Del Toro), රෙජිනා හෝල් (Regina Hall), ටෙයානා ටේලර් (Teyana Tayler) සහ චේස් ඉන්ෆිනිටි (Chase Infiniti) යන ජනප්‍රිය රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වනවා.
මේ චිත්‍රපටය නිර්මාණය කරන්න පදනම් කර ගෙන තියෙන්නේ තෝමස් පින්චන් විසින් 1990 රචනා කරපු ‘Vineland’ කියන නවකථාව.

මේක Black Comedy වර්ගයට වැටෙන චිත්‍රපටියක්.

මෙහි නිල පෝස්ටරයත් මේ වෙද්දි නිකුත් කරලා තියනවා.

චිත්‍රපටය තිරගත වෙන්නේ නම් 2025 සැප්තැම්බර් 26 වෙනිදා.

 

Back to top
Go to bottom