lan englan tam

පුවත්

බොලිවුඩයට යන ‘නෙළුම් කුළුණ’

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කරපු ''නෙලුම් කුළුණ'' චිත්‍රපටය මේ වෙනකොට ඔබත් අනිවාර්‍යයෙන් නරඹලා ඇති.

''නෙලුම් කුළුණ''චිත්‍රපටය ලංකාවේ බොහෝ ජනප්‍රියත්වයට පත් උනා වගේම එහි දමිළ ප්‍රතිනිර්මාණය ‘පෙරැසු’ ('Perusu') චිත්‍රපටයත් ඉතා සාර්ථකත්වයට පත් උනා.

මේ ‘පෙරැසු’ ('Perusu') චිත්‍රපටයත් හරිම විශේෂයි. මෙය තමයි විදේශයකදී ප්‍රතිනිර්මාණය කළ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය බවට පත් වෙන්නේ.

ඉතින් අලුත්ම ආරංචිය තමයි ''නෙළුම් කුළුණ'' චිත්‍රපටයේ නිල හින්දි ප්‍රතිනිර්මාණයේ වැඩකටයුතුත් මේ වෙනකොට ආරම්භ කරලා තියනවා. 

''නෙළුම් කුළුණ'' බොලිවුඩයට ප්‍රතිනිර්මාණය කරන්නෙ, ඉන්දියාවේ හොඳම අධ්‍යක්ෂණය සඳහා ජාතික චිත්‍රපට සම්මානය පවා දිනූ අධ්‍යක්ෂකවරයෙක් වන Hansal Mehta විසින්.

ඔහු විසින් 'Aligarh' , 'Citylights', 'Shahid' , 'Chhalaang' වැනි සම්මානනීය හින්දි සිනමාපට රැසක් අධ්‍යක්ෂණය කර තිබෙනවා.

එමෙන්ම, සුප්‍රසිද්ධ 'Scam' 1992 වෙබ් කතා මාලාවත් ඔහුගේම නිර්මාණයක්.

සම්මානනීය ඉන්දියනු අධ්‍යක්ෂක Hansal Mehta

මේ වෙනකොට 'නෙළුම් කුළුණ' හින්දි ප්‍රතිනිර්මාණයේ පූර්ව නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා තිබෙනවා. එහි රූගත කිරීම් අගෝස්තු මාසයේදී පටන් ගැනීමට නියමිතයි.

මෙම චිත්‍රපටය ලබන වසරේදී තිරගත කිරීමට නියමිතයි.

ඒ වගේම ඉදිරියේ දී  ස්පාඤ්ඤයේ, ඉතාලියේ සහ අමෙරිකාවේ ද 'නෙළුම් කුළුණ' චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කරන්නත් නියමිතව පවතිනවා.

Back to top
Go to bottom