ජනප්‍රිය රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා මීට වසර ගණනාවකට පෙර තමන් රංගනයෙන් එක් වූ ‘සූරිය විංශති’ සිනමා නිර්මාණය ගැන අපූරු සටහනක් ඇයගේ මුහුණු පොතේ සදහන් කරලා තිබුණා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අරුණ ගුණරත්න විසින්.
‘සූරිය විංශති’සිනමා නිර්මාණයට ටෝනි රණසිංහ, නීටා ප්‍රනාන්දු, සෝමසිරි අලකොළංග, අනුර බණ්ඩාර රාජගුරු වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් සිය රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා.
සමනලී මේ සටහන මගින් තමන්ට ආධුනික රංගන ශිල්පිනියක් ලෙස ප්‍රවීණයන්ගේ ඇසුර යටතේ මෙම නිර්මාණයට රංගනයෙක් එක්වීමට ලැබීම කොතරම් වැදගත් වූවාද යන්න සදහන් කොට තිබෙනවා.
"අවුරුදු 5, 10 පුංචි දරුවෙක් කාලෙ රඟපෑවට පස්සෙ තරුණියක් විදිහට මම රඟපාපු පළවෙනි නිර්මාණය. Aruna අයියා බලෙන් තමයි මාව කැමති කරවගත්තෙ. තේරුමක් ඇතුව පටන් ගත්ත වැඩක් නෙමෙයි. ඒත් මගේ වටේ හිටපු මේ ප්‍රවීණ ආදරණීයයන් මට තේරුම් කළා රඟපෑම කොච්චර තේරුමක් ඇති වැඩක්ද කියන එක... ඒ ආදරණීය මතක ඔයාලටත් දැන් බලන්න පුළුවන්..."
දැන් මෙම නිර්මාණය ඔබට අරුණ ගුණරත්නගේ You Tube නාලිකාව හරහා රසවිදින්න පුළුවන්.