මෙවර ‘Mirror Arts’ කතා බහ සමග එකතු වූයේ රංගන ශිල්පිනී අනෝමා ජනාදරී ය.
වේදිකා නාට්‍ය හරහා ප්‍රථමයෙන් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වූ ඇය ටෙලි නාට්‍ය, සිනමාව යන අංශයන්ගේ සිය දක්ෂතාවය ප්‍රකට කිරීමට සමත්වූවා.
‘දිය කැට පහන’, ‘දුන්හිද අද්දර’ වැනි ටෙලි නිර්මාණ හරහා මෙන්ම ‘දැවෙන විහඟුන්’, ‘තනි තටුවෙන් පියාඹන්න’ වැනි සිනමා නිර්මාණ හරහා ඇය ඉදිරිපත් කළ රංගනය ඔබට මතක මතක ඇතිවාට සැක නැහැ.
විශේෂයෙන්ම ‘දැවෙන විහඟුන්’, ‘තනි තටුවෙන් පියාඹන්න’ වැනි සිනමා නිර්මාණ හරහා ඇය ඉදිරිපත් කළ සුවිශේෂී රංගන කුසලතාවය ජාත්‍යන්තර සිනමා උළෙල වල පවා ඇගයීමට පාත්‍ර වූවා.
ඉතින්, මෙවර ‘Mirror Arts’ කතා බහේදී අනෝමා ජනාදරී රංගන ක්ෂේත්‍රය තුළ ඇය ලැබූ අත්දැකිම් බෙදා හදා ගැනීමට අමතක කළේ නෑ.
දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස මෙන්ම නොබියව සහ විවෘතව සිය අදහස් ප්‍රකාශ කරන්නියක් ලෙස ද ප්‍රසිද්ධ ඇය ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය වැනි මාතෘකා පිළිබඳව ද වර්තමාන සමාජ අර්බුධයන් පිළිබඳව ද සිය හඩ අවදි කළා.
“වර්තමාන සමාජය ඇතුලේ දුරකථනය හා social media හරහා චූල සංස්කෘතියක් හැදිලා තියනවා. ඒක හරහා නළු නිළියන් චූල වෙලා තියනවා. පුද්ගලයෝ චූල වෙලා තියනවා. අධ්‍යාපනය කියන දේ පැත්තකට දාලා තියනවා. බුද්ධිමත් කම ගණිකා වෘත්තියේ යොදවනවා. දේශපාලකයා, කලාකරුවා සියලු දෙනාම තමුන්ගේ බුද්ධිය ගණිකා වෘත්තියේ යොදවනවා.”
එමෙන්ම වර්තමාන කලා ක්ෂේත්‍රය තුළ රංගන ශිල්පීන් ශිල්පිනියන් මුහුණදෙන අභියෝග, ගැටලු පිළිබඳව ද ඇය සිය අදහස් ඉදිරිපත් කළා.
රංගන ශිල්පිනියක් ලෙස ඇය සිය රංගන ජීවිතය තුළ කළ කැපකිරීම් පිළිබඳව ද ඇය අදහස් දක්වූවා.
“ඇත්තටම ඒක නිකන් ඇඳුම් ගලවනවා නෙමෙයිනේ. මෙතන තියෙන්නේ රඟපෑමක්. එතකොට මම වෘත්තිකයෙක් නම්, මම චරිතාංග නිරූපණ ශිල්පිනියක් නම් මගේ වෘත්තිය වෙනුවෙන් ඕනෑම වෘත්තීමය කැප කිරීමක් කරන්න මම සුදානම්...”
එමෙන්ම සිය පවුල තුළින් ද සමාජයේ ජීවත් වීම තුළින් ද ඇය ලබාගත් අත්දැකීම් බෙදා හදා ගනීමට ඇය අමතක කළේ නෑ.
(සංවාදය මෙහෙය වූයේ මනෝහාරී හේවාවසම්)
කතා බහේ දී ඇය ඉදිරිපත් කළ සම්පූර්ණ අදහස් දැක්වීම දැන් ඔබට ‘Mirror Arts’ යූ ටියුබ් නාලිකාව හරහා නැරඹිය හැකියි. එම වීඩියෝව පහතින් දක්වා තිබෙනවා.