ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනී වගීෂා සල්ගාදු රංගනයෙන් එක්වන 'Vannam Konda Vennilave' (VKV) දමිළ චිත්‍රපටයේ නිල පෝස්ටරය ඊයේ දිනයේ නිකුත් කරනු ලැබුවා.
ඇය රංගනයෙන් එක්වන පළමු දමිළ සිනමා නිර්මාණය වන්නේ මෙයයි.
මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ සචින් සෙන්තිල්කුමාරන් සමග වගීෂා සල්ගාදු විසින්.
පළමු දමිළ සිනමාපටයෙන්ම වගීෂාට ප්‍රධාන චරිතය නිරූපණය කරන්න අවස්ථාව හිමිවීම විශේෂයි.
මෙය අධ්‍යක්ෂණය කරන්නේ තනුෂාන් චන්ද්‍රසේගර් විසිනි.
ආදර කතාවක් ලෙස තිරගත වීමට නියමිත මෙහි සංගීත අධ්‍යක්ෂණය නිලුක්ෂාන් යෝගේෂ්වරන් විසින් වන අතර චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ අනුෂා මහරාජන් සහ තයානි බාලා විසිනි.
මෙය Art Entertainment ඉදිරිපත් කිරීමක්.