මේ පින්තූරෙට දීලා තිබ්බෙ Happiness is a choice වගේ අදහසක්.
ඔව් වැරදි නෑ..ඒත් මට දැනෙන්නෙ නම් සම්පූර්ණයෙන්ම හරිත් නෑ වගේ.
සතුටින්, ආදරෙන් පිරිලා ඉන්න මිනිස්සුන්ට තරහා යන ප්‍රමාණය අඩුයි.
ඒ වගේම පරිසරයේ සුන්දරත්වය පෙනෙනවා වැඩියි.
ඒත් තනියම මානසික පීඩාවක ඉන්න කෙනෙක්ගෙ තත්වෙ එහෙම නෙමෙයි.
ඔවුන් ඉන්නෙ තනිවෙලා නම්..තමන් ආදරය කරපු අය, දරු මල්ලො ළග නැති පීඩාකාරී ජීවිතයක නම් ඔව් ඔවුන් නිතරම ඉන්නෙ නොරිස්සුමෙන්. පුංචිම දේටත් ඔවුන්ට තරහා යනවා.
හැබැයි ඔවුන් කිසිවෙකුට නොකියපු ඔවුන්ගේ කතාව හොයලා බැලුවොත්.. ඇත්තටම ඔබට ඔවුන් ගැන ඔබ හිතපු විදිහ ගැන අඩන්න තරම් වරදකාරී හැගීමක් දැනෙයි.
මේ ලෝකේ සෑම මනුස්සයෙක්ම පාහේ ජීවිතයේ පොඩිම හරි කාලෙකට වසන්තය ගත කරලා තියෙනවා.
අන්න ඒ කාලෙදි ඔවුනුත් හැමදේකම ලස්සන දැකපු ආදරණීය happy faced මිනිස්සු වෙලා ඉදලා තියෙනවා.
නමුත් දීර්ඝ කාලීන දුක, කළකිරීම, තනිකම, ආර්ථික ගැටලු වගේ දේවල් ඔවුන්ගේ ජීවිතය මනස වසා ගත්තට පස්සෙ ඔවුන්ට පුoචිම දේටත් තරහා යනවා, අනිත් මිනිසුන්ගෙ ඇදම විතරක් පේන්න ගන්නවා, ඔවුන්ට ගහකින් වැටෙන මල් පෙත්තක් පවා නොරිස්සුම දෙගුණ කරවන්නක්.
මේකට සරලව depression කියන්නත් පුලුවන්..මම නොදන්න තව තව අදුරු රෝගි මානසික තත්වයන් වෙන්නත් පුලුවන්.
ඒ වෙනුවෙන් මේ තේරුම් ගැනීම ඔබ ඇති කරගත යුතුයි.
ඇතැම්විට ඔබේම පවුලේ ඇති මෙහෙම කෙනෙක්.
ඔබේ වයසක ලොකු අම්මා, තනිකඩ දිවියක් ගෙවන සහෝදරියක්, නැන්දා කෙනෙක්, නැන්දම්මා, ඇතම්විට එහාගෙදරක වයසක මිත්තණියක්. ඔබ නොදන්නවට ඔබ අද ගිනි බෝම්බෙ, බටකොළ ආච්චි, මළවදේ, නපුරු හෝන්තුව කියලා අන්වර්ථ නාම වලින් සිය අප්‍රසන්නතාවය පෙන්වන ඒ මිනිස්සු.. කාලෙකදි ඉතාම සුන්දර මිනිස්සු වෙලා ඉදලා තියෙන්න පුලුවන්.
මං දන්නවා මං මේ කියන්න යන කාරණය ප්‍රායෝගිකව කරන්න ලේසි නෑ.. නමුත් ප්‍රගුණ කලොත් ඒ දේ ඔබට පුලුවන් වෙනවා විතරක් නෙමේ.. ඔබේ ජීවිතේ මොනම අදුරු කාල සීමාවකදිවත් ඔබ මෙහෙම අදුරු මනුස්සයෙක් බවට පත්වෙන්නෙත් නෑ.. ඔබේ මුහුණේ සිනාව මැකිලා යන්නෙත් නෑ. ඉතින් ඒක win win habbit එකක්.
ඒ නිසා මේ දේ පුරුදු වෙන්න.
මොකක්ද දන්නවද "හේතුවක්, වාසියක්, ඇදුනුම්කමක් නැතිවම මිනිස්සුන්ට කාරුණික වෙන්න පුරුදු වෙන්න, කාරුණික වෙන්න බැරිම වගේ නම් ගැටෙන්නෙ නැතුව මගහැරලා යන්න.
අන්න ඒක ඔබට පුරුදු පුහුණු වෙන්න පුලුවන් නම් ඔය මුල කියපු Happiness is a choice කියන කාරණාව ඔබට අදාළ කරගන්න පුලුවන් වෙනවා..
ජීවමාන උදාහරනෙකට ගන්නවනම් කොළඹ 7 ඉපදිලා ළමා රෝග වෛද්‍යවරියකව ඉදලා.. රට රටවල් වල සoචාරය කරලා, අද අරලගංවිල කුඩා පැලක බල්ලො පූසො රැළක් එක්ක ඔබට හිතන්නවත් බැරි ජීවිතයක්, ඒත් සතුටින් හිනාවෙලා ගෙවන විනීතා රංජනී කියන ඒ සිනාමුසු ආච්චි අම්මව ගන්න පුලුවන්.
ගෑනු කියන්නෙ උප්පත්තියෙන්ම මාතෘ ගුණය අත්දෙකට මිට මොළවන් එන අය. පිරිමි කියන්නෙ උප්පත්තියෙන්ම රැකබලා ගැනීමට පුරුදු වෙලා එන අය.
මේ පින්තූරෙ දැක්ක ගමන් එන අදහස ඉන් ගැඹුරට හිතන්න ඔබට පුලුවන් වෙනවනම් ඔබ සතු ඒ අම්මා ගුණයත්, පීතෘ ගුණයත් එක හේතුවක්.
Happiness is a choice කියන්නෙත් Be kind for a no reason කියන්නෙත් ඒ උප්පත්ති අම්මා ගුණය, පීතෘ ගුණය දරාගැනීම හා ඉවසීම සමගින් ඔබේත්, ඔබේ ආදරණීයන්ගෙත්, ඔබ අවට ලෝකයේත් යහපත වෙනුවෙන් ඔබ පුරුදු පුහුණු කළ යුතු යමක්!
මම කොහොමවත් සර්ව සම්පූර්ණ ගැහැණියක් නෙමේ.
නොදැනුවත්ව වගේම දැනගෙනත් මං මිනිස්සුන්ව රිද්දලා තියෙනවා.
මගේ හිත රිද්දපු අයට ඒ වගේ දෙගුණයක් return දීල තියෙනවා. නමුත් දැන් මo ගෙවමින් ඉන්නෙ මගේ ජීවිතේ 3 වෙනි දශකය.
මං විශ්වාස කරනවා මිනිස්සු පරිණතබාවට පත්වෙනවා කියන්නෙ මනුෂ්‍යත්වයට වඩාත් ලං වෙනවා කියන එක.
නරි නාවන්න එපා.. ඒත් උන්ට ගල් ගහන්න හිංසා කරන්න යන්න එපා. ඒ වගේම අනුන්ගෙ ජීවිත උඩ පරිස්සමට ඇවිදින්න.. සමහර තුවාල පිටට පේන්නෙ නෑ
සටහන - Yesha Fernando