ලක්මාල් ධර්මරත්න අධ්‍යක්ෂණය කරපු ' වාලම්පූරි හෙවත් හීන හතහමාරක්' චිත්‍රපටය හෙට ඉදන් (25) දිවයින පුරා සිනමා ශාලා වල තිරගත වෙනවා.
ඒ වගේම මේ චිත්‍රපටය මීට සමගාමීව ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, එංගලන්තය, ඇමරිකාව, ජපානය, කොරියාව, රොමේනියාව, ෆින්ලන්තය ඇතුළු රටවල් 15 කට වැඩි ගණනකත් තිරගත වෙන්නත් නියමිතයි.
‘වාලම්පූරි’ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ අසංක දොඩන්තැන්න සහ ප්‍රදීප් පෙරේරායි.
ඉතින්, හෙට ඉදන් තිර ගත වෙන මේ චිත්‍රපටයට බොහෝ දෙනෙක් සිය සුබ පැතුම් එක් කරලා තිබුණා.
පහතින් දක්වලා තියෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම විසින් වාලම්පූරි චිත්‍රපටය ගැන තබපු සටහනක්.
ඊට කලින් හඳගම විසින් අධ්‍යක්ෂණය කරපු පසුගිය දවස් වල අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණය හිමි වූ ‘රාණි’ චිත්‍රපටිය ගැනත් මේ මොහොතේ මතක් කරන්න ඕනෙ. අවුරුද්දේ මුල ලංකාවේ සිනමාවට අලුත් පිබිදීමක් අරගෙන එන්න මේ ‘රාණි’ චිත්‍රපටය සමත් උනා. ලක්මාල් ධර්මරත්නගේ 'වාලම්පූරි හෙවත් හීන හතහමාරක්' චිත්‍රපටය නිකුත් වෙන්නේ සිනමාවේ හා සිනමා ප්‍රේක්ෂකයා තුළ ඒ ඇතිවුන පිබිදීම තුළ වීම විශේෂයි.
(උපුටාගැනීම)
"ලකාගේ වාලම්පුරි හෙවත් හීන හතහමාරක් හෙට ( 25 ) පටන් තිරගත වෙනවා. වාලම්පුරි කියන්නේ වක අනිත් පැත්තට කැරකුනු හක්ගෙඩියක්. ගෙදරක තිබුණොත් ඒ ගෙදරට වාසනාව ගෙනෙනවා කියලයි අපි අහලා තියෙන්නේ. 2025 අපේ සිනමාවට ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබෙන වාසනාවන්ත අවුරුද්දක් වගේ පේනවා.
වාලම්පුරි, thriller ශානරයේ චිත්‍රපටියක් කියලා PVR show list ඒකෙ හඳුන්වල දෙනවා. එක ශානරයක නැති විවිධ ශානරවලින් යුත් චිත්‍රපට සාර්ථක වෙනවා කියන්නේ චිත්‍රපටි කර්මාන්තය හැටියට ගත්තහම හොඳ තත්ත්වයක්.
ලකා කියන්නේ අලුත් විදියට හිතන, අලුත් විදිහට ලියන, අලුත් විදිහට තමන්ගේ නිර්මාණය වගේම තමන්වත් present කරගන්න පුළුවන් චරිතයක්. ඉස්සර චිත්‍රපටියක් මුදා හරිනකොට පාවිච්චි කරපු publicity techniques වගේ නෙවෙයි අද. විවිධ අත්හදා බැලීම් කරන්න වෙනවා.
චිත්‍රපට මුදාහැරෙන මණ්ඩල අතරත් තියෙන්නේ තරගයක්. තම මණ්ඩලයේ නිදහස් කෙරෙන චිත්‍රපටියක් සාර්ථක වුණොත් තමයි තමන්ට වාසියක් අත්වෙන්නෙ කියල ඒ අය දන්නවා. ඒක හින්දා එක චිත්‍රපටියක් හරියටම දුවලා ඉවර වෙනකම් ඉන්නේ නැතුව තව එකක් දානවා. චිත්‍රපටියක් දාන්න ඉක්මන් උනා වගේ නෙවෙයි ඒකෙන් අවාසි වෙන්නේ චිත්‍රපටය නිෂ්පාදකයාටමයි. වෙළඳ පොළ තර්කනය ඇතුලේ ඒක වැරදියි කියන්න බැහැ. තරඟය එහෙම තමයි.
ඒ වගේම චිත්‍රපටියක් නිදහස් කරන්න පස් මහ බැලුම් බල බල හිටියොත් නිර්මාණකරුවෙකුට තමන්ගෙ ඊළඟ නිර්මාණය කරන්න පරක්කු වෙනවා. ඒ වගේ කල් ඉකුත් වූ චිත්‍රපට තමන්ගේ ළඟ තියාගෙන අඬ අඬ ඉන්න නවක චිත්‍රපටිකරුවන් ඕනතරම් ඉන්නවා.
ලකා මේ පිළිබඳ හොඳ අවබෝධයක් ඇති, advertising field එකේ අත්දැකීම් ඇති කෙනෙක්. වාලම්පුරි කියන්නේ කල් යල් බලා මුදා හැරෙන චිත්‍රපටියක්.
චිත්‍රපටියක් හදන එක කලාවක්. ඒත් ඒක පෙන්නන එක ගේම් එකක් . චිත්‍රපටයේ pre-publicity කැම්පේන් එකෙන්ම ඒක බලන්න මිනිස්සුන්ගේ කැමැත්ත දැනටමත් හදලායි තියෙන්නේ. අපි බලමු කොහොමද ලකා මේ ගේම් එකේ ඉතුරු ටික සෙල්ලම් කරන්නේ කියලා.
අද වාලම්පුරි චිත්‍රපටියේ මංගල දර්ශනය හැව්ලොක් සිටි එකේ ස්කෝප් සිනමා ශාලාවේ තියෙනවා."
All the best Laka Darmarathna !
(උපුටා ගැනිම අශෝක හඳගමගේ මුහුණු පොත ඇසුරිනි)