'ධර්ම යුද්ධය 2' සිනමා පටයේ මුහුරත් උළෙල කලා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (27) වනදා රත්මලාන stain මැදිරියේදී පැවැත්උනා.
'Drishyam 2' මලායාලම් චිත්‍රපටයේ නිල සිංහල ප්‍රතිනිර්මාණයක් ලෙස නිර්මාණය වන ධර්ම යුද්ධය 2 සිනමා පටය අධ්‍යක්ෂණය කරන්නේ අරුණ ජයවර්ධනයි.
චිත්‍රපටයේ තිර පිටපත සුනෙත් මාලිංග ලොකුහේවා විසින් වන අතර කැමරා අධ්‍යක්ෂක වරයා ලෙස චන්න දේශප්‍රිය කටයුතු කරනවා.
ධර්මයුද්ධය පළමු චිත්රපටයේ ප්‍රධාන චරිතය වූ ජැක්සන් ඇන්තනී නිරෑපණය කළ ‘හරිශ්චන්ද්‍ර’ ගේ චරිතයෙන් මෙවර හමුවන්නේ බිමල් ජයකොඩිය.
ඊට අමතරව මුල් චිත්‍රපටයේ රඟ පෑ නළු නිළියන් සමඟ නව මුහුණු කිහිපයක්ද එක්වී තිබෙනවා.
ඊයේ පැවති චිත්‍රපටයේ මුහුරත් උළෙල අවස්ථාවේ 'ධර්ම යුද්ධය 2' සිනමා පටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන බිමල් ජයකොඩි විසින් ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ගැන සිය මතකය අවදි කළේ මෙලෙසින්.
අපේ පරම්පරාවට වැඩ කරන්න ලැබුන ඒ මහා රංග පෞර්ෂය ජැක්සන් ඇන්තනී නැමැති රංගවේදියා නිර්මාණය කරපු ‘හරිස්චන්ද්‍ර’ කියන චරිතය මට ප්‍රතිනිර්මාණය කරන්න ලැබුනහම ඒක අභියෝගයක් තමයි.
මොකද ඔහු එය ඉතාම හොඳ නිමාවකින් ඉවර කරපු චිත්‍රපටයක්. ඔහු පුදුම විදිහට මාව විශ්වාස කලා සහ මගේ හැකියාව අගය කළා.
ඒක නිසා මම විශ්වාස කරනවා මොනයම්ම හෝ හේතුවක් නිසා අද දවසේ ජැක්සන් ඇන්තනී ජීවතුන් අතර ඉද්දි මට මේ චරිතය කරන්නට ආරාධනාව ලැබුනානම් මම දන්නවා මම ඒක පෙරළා දුරකථනයෙන් ඔහුට කියන්නට කළින් ඔහුගෙන් දුරකථන ඇමතුමක් මට එනවා කියලා.
ඉතින් මම විශ්වාස කරනවා අද මම මෙතන ධර්ම යුද්ධය දෙක සඳහා මේ ගිවිසුම අත්සන්කරන්නේ ඒ දුරකථන ඇමතුම මට ලැබුනයි කියන විශ්වාසය මගේ හිතේ තියාගෙන
ධර්ම යුද්ධය දෙවන චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ සිරස මාධ්‍ය ආයතනයයි.
සිරස විසින්ම නිෂ්පාදනය කළ ධර්ම යුද්ධය පළමු චිත්‍රපටය ලංකාවේ අතිශය සාර්ථක ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක් බවට පත් වූවා.
පහතින් දැක්වෙන්නේ ඊයේ 27 පැවැති චිත්‍රපටයේ මුහුරත් උළෙලේ ඡායාරූප කිහිපයක්.