වෝර් ෆෝ ද ප්ලැනට් ඔෆ් ද ඒප්ස් නැතිනම් “Planet Of The Apes” හි තෙවැනි සිනමාපටය තිරගත වීමට ඇත්තේ තව දින 5 ක් පමණයි.
Rise Of The Planet Of The Apes (2011), Dawn Of The Planet Of The Apes (2014) මිට පෙර නිකුත් වූ අනෙකුත් සිනමාපට දෙකයි.
නිදහස වෙනුවෙන්, පවුල වෙනුවෙන් සහ ග්රහලොව වෙනුවෙන් යන තේමාව මුල කරගත් සිනමාපටය පැය 2 මිනිත්තු 20 කාලයක් පුරා ධාවනය වෙයි.
War For The Planet Of The Apes අධ්යක්ෂණය මැට් රීව්ස් විසින්.
ඇන්ඩි සර්කිස්, වූඩි හේරල්සන්, ස්ටීව් සාන්, කැරින් කොනොවල්,අමියාහ් මිලර් චිත්රපටයේ ප්රධාන රංගන දායකත්වය සපයයි.
සීසර් ඇතුළු වානරයන් සියලු දෙනාටම, හිත්පිත් නැති කර්නල්වරයකු මෙහෙයවනු ලබන මිනිස් හමුදාවක් සමඟ යුද වැදීමට සිදුවන්නේ නොසිතු ලෙසටය. වානරයන් ලබන පරාජයෙන් අනතුරුව ඔවුන්ගේ ඉදිරි අනාගතයට කුමක් සිදු වේවිද? එය දැනගන්න නම් 14 වැනිදා වෙනකම් ඔබට බලා සිටින්නට සිදු වේවි.