සුපිරි කොලිවුඩ් නළු ධනුෂ් ගේ 25 වන සිනමාපටය ලෙස 2014 දී තිරගත වූ VIP නැතිනම් “වේලයි ඉල්ල පට්ටධාරී” හඳුන්වන්නට පුළුවන්.
එහි නවතම සිනමාපටය VIP 2 එළැඹෙන 28 වැනිදා ප්‍රේක්ෂක ජනතාව සතු කිරීමට එහි සංවිධායකයන් කටයුතු සුදානම් කරමින් සිටිනවා.
VIP 2 අධ්‍යක්ෂණය සෞන්දර්යා රජිනිකාන්ත් විසිනි.
ජනගත වීමට නියමිත මෙම නිර්මාණය පිලිබඳ අදහස් දැක්වීමක් පසුගියදා චෙන්නායිහි දී පැවැත්වුනා.
එහිදී ධනුෂ් කියා සිටියේ VIP පළමු කොටස ඉතාම සාර්ථක සිනමාපටයක් වූ බවයි.
“මෝටර් බයිසිකලය ද ඇතුළුව එහි තිරචනය සඳහා මම යොදා ගත් සියලුම චරිත දමිළ සහ තෙළිඟු ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගැනීමට සමත් වුණා,”
“මට මේ චරිත එක චිත්‍රපටයකට පමණක් සිමා කිරීමට අවශ්‍ය වුණේ නැහැ,”
“VIP දෙවන කොටස මට ඉතාමත් අභියෝගයක් වුණා. මොකද පළමු කොටසට ඉතාමත් සතුටුදායක නිමාවක් තිබුණු නිසා,”
මෙලෙස අදහස් දැක්වූ ධනුෂ් වැඩි දුරටත්කියා සිටියේ VIP මෙතනින් නොනැවතී 3 සහ 4 වැනි කොටස් ද එකතු කරමින් ඉදිරියට ගෙනයාමේ බලාපොරොත්තුවක් තමන්ට තිබෙන බවයි.