මහාචාර්ය සුනිල් ආරියරත්නගේ නවතම චිත්‍රපටය ‘යශෝධරා‘ මුහුරත් උත්සවය පසුගිය 20 දා ලාංකේය සිනමාවට 70ක් සපිරුණ දා එහි නිෂ්පාදක එච් ඩී පේ‍්‍රමසිරි මහතාගේ බොරලැස්ගමුව නිවසේ දී පැවැත්විණි.
භික්ෂුණීන් වහන්සේලා 20 දෙනෙකු දෙනෙකු විසින් සිදුකරනු ලැබූ විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව මහුරත් උළෙල අරම්භකරනු ලැබිය.
අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පැවැසුවේ යශෝදරා පූජනීය චරිතයක් ලෙස ඉතිහාස ගතව ඇති බැවින් එම චරිතය සඳහා මෙන්ම සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයට නළු නිළියන් තෝරා ගැනීමේදී ඔවුන් ගේ අතීතය- වර්තමානය පමණක් නොව අනාගත ජීවිතය ගැනද විමසා බලන්නට සිදුවී ඇති බැවින් මෙම කාර්යය දුෂ්කරවී ඇති බවයි.මෙය අභියෝගයක් බවත් මෙම මුහුරත් උළෙල නළු නිළියන් නොමැතිව දේශීය සිනමා ඉතිහාසයේ පවත්වන ලද ප්‍රථම මුහුරත් උළෙල විය හැකි බවද මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් පැවසීය
යශෝධරා මුහුරත් උළෙලේ ඡායාරූප පහතින්
ඡායාරූප -සංදේශ් බණ්ඩාර
https://casite-737679.cloudaccess.net/news/533-sunil-ariyarathna-film-yashodara#sigProIdcaf67a0ac3
සබැඳි පුවත්
මහාචාර්ය සුනිල් ආරියරත්න දැවැන්ත සිනමා නිර්මාණයකට සැරසෙයි