ජනාධිපති සිනමා සම්මානයෙන් පිදුම් ලැබුවන්
72 වසරක ලාංකේය සිනමාභිනන්දනය වූ 19 වැනි ජනාධිපති සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
2016 වසරේ සිට 2018 වසර දක්වා ප්‍රදර්ශනය කරන ලද චිත්‍රපට 79 කින් විශිෂ්ට දක්ෂතා දැක්වූ කලා ශිල්පීන් ශිල්පිනියන් 27 දෙනෙකුට සම්මාන පිරිනැමීම මෙහිදී සිදු වූ අතර, පුරෝගාමී සම්මාන, ස්වර්ණසිංහ සම්මාන හා විශ්ව කීර්ති සම්මානයෙන් 11 දෙනෙකු ජනාධිපතිවරයා අතින් පිදුම් ලැබූහ.
මෙහි දී ජීවිතයට එක්වරක් පමණක් හිමිවන ස්වර්ණසිංහ සම්මාන ප්‍රවීන රංගවේ දී රවින්ද්‍ර රන්දෙනිය, ප්‍රවීණ රංගන ශිල්පිනී නීටා ප්‍රනාන්දු හා ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සුගතපාල සෙනරත් යාපා යන මහත්ම මහත්මීන්ට හිමිවිය.
මේ අතර, සිය රංගන ප්රතිභාව්ය වෙනුවෙන් අනෝමා ජනාදරි සහ චිත්‍රපට අධ්යක්ෂ සංජීව පුෂ්පකුමාර විශ්වකීර්ති සම්මාන හිමි කර ගත් අතර, පුරෝගාමී සම්මාන, ශාන්ති අබේසේකර, ඇන්ටන් ග්‍රෙගරි, කේ.ඩී. දායානන්ද, ස්වර්ණා කහවිට, සුනිල්සෝම පිරිස් හා ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ට හිමිවිය.
මෙම අවස්ථාවට නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස, උතුරු පළාත් ආණ්ඩුකාර සූරේන් රාඝවන්, චිත්‍රපටි සංස්ථාවේ සභාපති අනුෂා ගෝකුල ප්‍රනාන්දු, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් බර්නාඞ් වසන්ත ඇතුළු කලාකරුවන් රැසක් සහභාගි වූහ.
https://casite-737679.cloudaccess.net/news/5565-pa-190728#sigProId955a41a535