lan englan tam

පුවත්

Color Pencil සමගින් සිනමාවට පායන අලුත් අධ්‍යක්ෂ තාරකාව; ආකාශ් 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නව පරපුරේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස සිය ප්‍රථම සිනමාපටය නිර්මාණය කිරීම සනිටුහන් කරමින් අකාශ් තාරුක පෙරේරා සිය 24 වැනි උපන්දිනය දා ඔහු විසින් කුළුඳුලේ අධ්‍යක්ෂණය කරන Color Pencil චිත්‍රපටයේ මුහුරත් උළෙල දළුගම සරසවි චිත්‍රාගාර පරිශ්‍රයේ දී උත්සවශ්‍රීයෙන් පැවැත්වීය.

2022 වසරේ නිර්මාණය වූ "විලම්බීත" නම් ඔහුගේ පළමු පර්යේෂණ සිනමාපටයෙන් ලද අත්දැකීම් සහ පන්නරය උපයෝගී කරගනිමින් සිය ප්‍රථම වෘතාන්ත සිනමාපටය මෙසේ ආරම්භ කරන ලද ඔහු සිනමාව සමග කුඩා කල සිට ගැටෙමින්, සිනමාවේ හය හතර සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී නම් දැවැන්තයා සෙවණේ සිට හැදී වැඩෙමින් සිදු කළ අධ්‍යයනයන්, අභ්‍යාසයන් සමග අප හමුවන අකාශ් තාරුක පෙරේරා යනු මේ වන විටත් කලාවේ බොහෝ දුරක් ගමන් කර ඇති තරුණයෙකි.
 
2000 වසරේ උපත ලද අකාශ් තාරුක නිසැක වශයෙන්ම වර්තමාන සිනමාවේ සිටින ළාබාලතම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. ප්‍රවීණතම සහ නව පරපුරේ ජනප්‍රියම නළු නිළියන් පිරිසක් දායක වන ඔහුගේ මෙම Color Pencil  නම් සිනමාපටය සිනමාව තුළ පෙරළියක් සිදු කරන බව නිසැකය. සිනමාවේ සම්මානනීය දැවැන්තයින් රැසක් අකාශ් සමග Color Pencil  වර්ණ ගැන්වීමද ප්‍රේක්ෂකයාට වෙනස් අත්දැකීමක් වනු නොඅනුමාන අතර යුග ගණනාවක සංයෝජනයකින් හැඩවන Color Pencil  චිත්‍රපටයේ ශලනි තාරකා, මේඝ සූරියආරච්චි සහ අභිෂේක් ප්‍රමුදිත ප්‍රධාන චරිත ත්‍රිත්වය ඔස්සේ රංගනයෙන් දායක වනු ඇත. 
 
WhatsApp Image 2024 02 26 at 19.14.00
 
චන්න දේශප්‍රියගේ කැමරාකරණයෙන්, චින්තක ජයකොඩිගේ සංගීතයෙන් හැඩවන මෙම චිත්‍රපටයේ උරේෂා රවිහාරි, හිරුෂි ජයසේන, තනුර මධුගීත් සහ රවීන් තාරුක වැනි පිරිසක් ගී ගැයීමට නියමිතය. 
 
සිනමාවේ ප්‍රවීණයෝ රැසක් සහ නව පරපුර එකට සම්මුඛ වන Color Pencil  චිත්‍රපටය මාර්තු මස රූගත කිරීම් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් කර අවසන් ය. සිනමාලෝලී ඔබ වෙතට ඉක්මණින් Color Pencil  චිත්‍රපටය කඩිනමින් රැගෙන ඒම අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමේ එකම අභිප්‍රායයි.
 
දිනිත ජයරත්න
Back to top
Go to bottom

Popular News