lan englan tam

පුවත්

47 ඉඳන් 80 දක්වා සියලු සිංහල චිත්‍රපට ගැන දැනගන්න 

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සිංහලෙන් හඬ කැවූ විදේශ චිත්‍රපට අතරින් ජනප්‍රිය එකක් වන 'මිදෙන මුහුද' චිත්‍රපටය  සමඟ 1947 වසරේ සිට 1980 දක්වා මෙරට තිරගත කළ සියලු සිංහල චිත්‍රපට පිළිබඳව වැඩසටහනක් මාලාවක් පළ කිරීමට 'අරුණ ගුණරත්න යූටියුබ් නාලිකාව' පියවර ගෙන ඇත.  

සිනමාවේදී අරුණ ගුණරත්නගේ සංකල්පයක් අනුව නිෂ්පාදනය වන වැඩසටහන ඒ පිළිබඳව කැමැත්ත දක්වන රසිකයින්ට නැරඹිය හැකිය. 
 
1947- 2024 දක්වා මෙරට තිර ගත කළ චිත්‍රපට පිළිබද තොරතූරු සයිබර් අවකාශයේ රැස්කිරීම වෙනුවෙන් වසර එක හමාරක් කාලයක් තුළ කළ කටයුත්තෙන් 1947-1980 මුල් අදියර ඒ අනුව අවසන් කර තිබේ. 
 
ඒ සඳහා දෙබස් කවන ලද චිත්‍රපට මෙන්ම මිලි මීටර් 16 ප්‍රමාණයේ වෘත්තාන්ත චිත්‍රපටද ඇතුළත් වී ඇත. 
 
දෙවැනි පියවර හැටියට 1980-2000 කාලයේ චිත්‍රපට පිළිබඳ  මාර්තු 02 වැනිදා සිට විකාශය වනු ඇති බව අරුණ ගුණරත්න පවසයි.
Back to top
Go to bottom

Popular News