lan englan tam

පුවත්

තාරුණ්‍යයේ මග නිසි මග වීමට වැදගත් චරිත ගැන කියන 'සිහින සමීකරණ'  

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වැරදී නොමග යන තාරුණ්‍යයට මිනිස් සම්බන්ධතාවල වැදගත්කම කියන සිනමා පටයක් වන 'සිහින සමීකරණ' චිත්‍රපටයේ නිල පෝස්ටරය පසුගියදා එළිදැක්විණි.

සිනමාශාලාවල නුදුරේම තිර ප්‍රදර්ශනය ඇරඹීමට කටයුතු යොදා තිබෙන චිත්‍රපටයේ සජිත ඇන්තනි - නිසල් ලෙස, කසුනි කාවින්දි ප්‍රනාන්දු - රිද්මි ලෙස, අශාන් ඩයස් - ජනක සර් ලෙස ප්‍රධාන චරිත රංගන කාර්යභාරය ඉටු කර තිබේ.  
 
මහාචාර්ය චරිත් ජයතිලක සහ ධම්මික ගීකියනගේ විසින් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටය තාරුණ‍යය හරිමග ගෙනයෑමේ ප්‍රධාන භූමිකා විය යුත්ත්තේ ගුරු දෙගුරු චරිත වන බව පෙන්වා දෙයි.
 
තිර රචනයෙන් දර්ශන විද්‍යා අරවින්ද, සංස්කරණයෙන් අජිත් රාමනායක, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ජයකොඩි, සහය අධ්‍යක්ෂණයෙන් ඉන්දික ධර්මතිලක, ශබ්ද නිර්මාණකරණයෙන්  සසික රුවන් මාරසිංහ, කලා අධ්‍යක්ෂණයෙන් මෙන්ම ඇඳුම්  නිර්මාණයෙන් පියතිස්ස අකුරම්බොඩ, වේශ නිරුපණයෙන් ප්‍රියන්ත එස්. වන්නිනායක, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බන්ඩාර, නිෂ්පාදන කළමනාකරණයෙන් දුමින්ද පෙරේරා සමඟින් හරේන්ද්‍ර පෙරේරා යන අය නිර්මාණයට දායකත්වය ලබාදී තිබෙන අතර සහාය නළු නිළියන් ලෙස රන්දික ගුණතිලක (අෂේන්), වසන්ත විට්ටච්චි (විදුහල්පති), පූජන දන්දෙණිය (අසංක), රෙබෙකා දිල්රුක්ෂි (දිල්කි), මොරින් චාරුනි (රිද්මිගේ මව), නයනා හෙට්ටිආරච්චි (නිසල්ගේ මව) යන රංගන ශිල්පින් ශිල්පිනියන් එක්වී ඇත.
Back to top
Go to bottom

Popular News