අනිත් ෆිල්ම් industries වලින් එන ෆිල්ම්ස් බලලා හිතන වෙලාවල් තියෙනවා. අඩේ අපේ රටෙත් මේ වගේ ෆිල්ම් හැදුනනනම් මරුනේ කියලා. අන්න ඒ දේ ඇත්තක් කරපු දෙයක් තමයි ' විසල් ආදරේ ' කියන්නෙ. නම වගේම මේක විසල් වැඩක් .මේක තමයි මන් බලපු හොඳම සිංහල Romantic , Drama එක සහ Week day එකක වැඩිම Audience එකක් සමඟ බලපු පලවෙනි සිංහල ෆිල්ම් එක මේක. 

මේකේ technically ලස්සනට screenplay එක ලියලා තියෙනවා , ෆිල්ම් එකේ අවස්ථා සම්බන්දය අවුලක් නැති තරම්. මේකේ වැඩිපුරම කතා කරන්න ඕනෙ cinematography එක ගැන ඒක next level. මේ ටීම් එක සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා මේ අපි දැකපු ශොට්ස් ටික ගන්න. මම ආසම ෆිල්ම් එකේ මුලින්ම සීන්ස් වල තියෙනවා airport එකක තාදි elevator එකකින් පහලට එන සීන් එකක්. ඒක continuously අරගෙන තියෙන විදිහ මාරම ගති එකට දීලා තියෙන effort එක පට්ට ... ඒ වගේම music
චරිත ගත්තහම. වැඩියෙන්ම දැනෙන්නනේ Rashipaba & Sachin ගේ කෙමිස්ට්රි එක
තව ස්ක්රීන් ටයිම් එකක් මේ ඩබලට දීලා තිබුනනම් මරු කියලා හිතුනා .


මම නම් කියන්න කැමතියි බලන්න හිතාගෙන හිටියනම් නම් අනිවාර්යෙන්ම තියටර් එකකම බලන්න..

සිංහයන්ගේ Lingerie ඇඩ්වර්ටීස්ට්මන්ට් අස්සෙ දවස් 100 ට වඩා දුවන්න ඕන ෆිල්ම් මේවා...

සංජීව දිසානායක සිනමාවේදීන් සමූහය සඳහා කළ සටහනකි.