lan englan tam

පුවත්

කවුද කළේ??

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
ඕනම කෙනෙක් හැසිරෙන්නෙ තත්වයන් ඇතුලෙයි. ජීවිතේ, වටපිටාවෙ කෙනෙක් මුහුණ දෙන තත්වයන් ඇතුලෙ තමයි කෙනෙකුගෙ හැසිරීම තීරණය වෙන්නෙ.
කියලා කියපු කතාව හරි.. ඒ වගේම, කෙනෙක් ඉන්න තත්වයෙන් ඉහළට යන්න තමා පොර බදින්නෙ මුළු ජීවිත කාලය පුරාම.. එතනදී මිහිපිට හැමෝම අවස්ථාවාදීයි.. අවස්ථාවක් ලැබුන විගස.. අර මුලින් කියූ තත්වයන්, වටපිටාවන්, තත්ව , සියල්ල- අර අවස්ථාව සඳහා පාවලා දෙනවා..
මේ විශිෂ්ට චිත්රපටය තුල තියෙන්නෙත් ඒ වගේ වරප්රසාදයකට තමන් පවත්වාගෙන ආපු තත්වයන් මදකට වෙනස් කිරීමක්..
නමුත්,, මේ කේරළය.. මේ මලබාරි මිනිසුන්, කේරළ ප්රාන්තය.. අනෙක් ප්රදේශ තරම් අධම නෙවෙන බව එයාලගේ සිනමා නිර්මාණ වලින් සැම විට පිළිඹිබු කරන්න උත්සාහ කරනවා.. කාන්තාවට ඇති අයිතීන් වලට ගරු කරන බව
නීතිය සැලකියයුතු මට්ටමින් ක්රියාත්මක වන බව
අනික් ප්රාන්ත වල⁣ට සාපේක්ෂව ගැටළු වලට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සොයන ප්රවණතාව..
වැනි.. ධනාත්මක කාරණා මලයාලම් චිත්රපට තුලින් වැඩි වැඩියෙන් හොවා දක්වන්නට ඒ නිර්මාණ කරුවන් පෙළඹෙනවා..
..................................................................
මේ චිත්රපටය තුල තියෙනවා , හරි අපූරු සංසිද්ධියක් අර මම ඉහල කියූ කේරළ ජන සමාජය මම මැනපු කාරණා සමග ගැටෙන..
ස්ත්රීවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පිරිමින් ඒ අසාධාරණයට එරෙහිවීමද නැත්තං .. හදිසියේ ඒ සැදැහැවත් පෙනීසිටීම පරයමින් ඒ පිරිමි 12 ට කඩාපාත් වුන සැප වරප්රසාදය ද. තොරාගන්නේ කියන උබතෝකෝටිකයට මුහුන දෙන පිරිසකගේ මානුෂීය තත්වයන් හරි අපූරුවට බැලන්ස් කිරිල්ලක් පෙන්වනවා . මේ අපූරු පිටපත.
...................................................
ඒ වගේම මලයාලම් පිටපත් වල තිබෙන තවත් ලක්ෂණයක් තමා මම දැකපු.. ඛේදවාචකයට ලක් වූවෙක්, නැත්තං අගතියට පත් පාර්ශවයං, එ අගතීන් වලින් විනාශ වෙලා යන්නෙ නැති වීම, පෙනිවනවා..ඒ කියන්නෙ කේරළ භූමිය ඒ අතිනුත්, ආකල්පමීය අතිනුත් ඉහලයි කියන වග පෙන්වනවා..
මේ චිත්රපටය අවසානයෙත් ඒ බව සනාථ කරනවා.. ඔබ හොඳින් බලන්න , මලයාලම් සිනමාකරුවා මේ මම කියන කාරණාව සැමවිට පෙන්වනවා.. හොඳම උදාහරණයක් කියන්නම් ,the great kitchen ..චිත්රපටය ..
.......................................................
මේ චිත්රපටය අනිවා ඉන්ෆ්ලුවන්ස් වෙන්න ඇති. ලොකාග්ර කෘතිය 12 angry men..මොකද මේ වගේ පිටපතක් ලියනකොටම කොහොමත් 12 angry men එකෙ එලිමන්ටස් වලින් බේරෙන්න බැරි වෙන නිසා.. නමුත්.. මේ කේරළ ලියන්නන්ට ඒක අමතක කරලා තමන්ටම කියලා ඔරිජිනල් එකක් ලියාගන්න බැරි කමක් නැ..එච්චරට දක්ෂ අය ඉන්නවා..
ආ..තව දෙයක්.. මලයාලම තුල මම දකිනවා..ඒ තමා තනි පුද්ගලභාවයන් මතින් චිත්රපටය ඇදගෙන යන ප්රවනතාවයකට වඩා සාමූහික මිනිස් ක්රියාකාරකම් මත ඒ සමූහයටම බලපාන රිටන්ස් ගැන ලියැවෙන කතා බහුලයි..
හරියට අර ඉතාලි සිනමාව වගේ..
.....................
⁣අදත් හොඳ සිනමා අත්දැකීමක් ලබා දුන්නා කේරළය.. චිත්රපටය අවසානයෙත් ⁉️️ ය තවම එසේමයි.. කවුද ඒ වැඩෙ කලේ යන ප්රශ්නය..
ඔයාලනම් මේක බලලත් ඇති.. කවුරු වෙන්න ඇත්ද..
මම ඉන්දියන් චිත්රපට වලට රෙකමදාරු ගන්නෙ මා මිතුරු Luckshman Aranwala ගෙන්..ස්තූතියි මචාං..
 
උපුල් දිසානායක සිනමාවේදීන් සමූහය සඳහා කළ සටහනකි.
Back to top
Go to bottom

Popular News