lan englan tam

පුවත්

'ශේෂ'ට කාන්ස් සම්මාන!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

නුදුරේ සිනමා ශාලා ප්‍රදර්ශනය ඇරඹීමට නියමිත ඉසුරු ගුණතිලකගේ 'ශේෂ' චිත්‍රපටය 2024 ලෝක කාන්ස් චිත්‍රපට උලෙළේ හොඳම නර්තන චිත්‍රපටය (Best Dance film) සම්මානය දිනාගෙන තිබේ.

නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ සහ උමාලි තිලකරත්න ප්‍රධාන චරිත රඟපාන චිත්‍රපටය අවශේෂ යැයි හඳුන්වන මිනිස් සමාජයක කැපකිරීම් කියා පාන අලුත්ම චිත්‍රපටය ලෙස හැඳින්වෙමින් මේ වන විටද ප්‍රචාරණ කටයුතු අරඹා තිබේ.
මල්කාන්ති ජයසිංහ, සමන්ත කුමාර ගමගේ, නලින් ප්‍රදීප් උඩවෙල වැනි නළු නිළියන් රැසක් රංගනයෙන් එක් වන මෙහි ගයත්‍රී කේමදාස සංගීත නිර්මාණයෙන් සහ හරිත බැද්දගේ සංස්කරණයෙන් එක්ව සිටිති.

"දූපතින් එහාට අපේ කල්චර් එක ගෙනියන්න හදපු සුවිශේෂී "ශේෂ" , Cannes World Film Festival (කාන්ස් ලෝක සිනමා සම්මාන උළලේ)හි හොදම නර්තන චිත්රපටය ලෙස තේරී පත්වු ඔබ සියලු දෙනාට සතුටින් දැනුම් දෙන්නෙමු.."

ඉසුරු සිය සතුට එසේ ප්‍රකාශ කර තිබිණි.

ඉසුරු දිනා ගත් කාන්ස් ලෝක සිනමා සම්මානය යනු ප්‍රංශයේ කාන්ස් නගරයේ පැවැත්වුණු 77 වැනි ජාත්‍යන්තර කාන්ස් සිනමා සම්මාන උලෙළ නොවන අතර මෙය එම සිනමා සම්මාන උලෙළ යැයි බොහෝ දෙනෙකු වටහාගෙන තිබිණි.
මෙම කාන්ස් ලෝක සිනමා සම්මාන උලෙළ යනු කාන්ස් නමින් පැවැත්වෙන තවත් චිත්‍රපට උලෙළක් වන අතර එහි සංවිධායකයන් පසුගියදා අවසන් වූ සම්මාන උලෙළේ සංවිධායකයන්ද නොවන්නේය. මේ සම්බන්ධයෙන් නිවැරදි ලෙස අධ්‍යක්ෂක ඉසුරුදු සිය අදහස් පළ කර තිබූ නමුත්, මනා ලෙස අවධානය නොදුන් ප්‍රේක්ෂක ප්‍රජාව විසින් ඇතැම් තැන්වලදී මෙම සම්මානය උපහාසයට ගෙන කතා කර තිබිණි. එය අපගේ සමාජ ජාලවල පළ වූ අපගේ ප්‍රවෘත්තිය වෙත දැක්වූ ප්‍රතිචාර කෙරෙන් පෙනුණ අතර එහෙයින්ම මෙම කාන්ස් සම්මාන උලෙළ දෙක පිළිබඳව පසු පැහැදිලි කිරීමක් සිදු කිරීමට අපට සිදුව ඇත. කෙසේනමුත්, ඉසුරු ලද ජයග්‍රහණය පිළිබඳව අපි ඉතා සතුටු වන අතර ඔහුගේ ජයග්‍රහණයට අපි තවදුරටත් ඔහුට සුබ පතන්නෙමු!

Back to top
Go to bottom

Popular News