lan englan tam

පුවත්

මේ අවුරුද්දෙ බලපු හොඳම මලයාලම් චිත්‍රපටය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
මලයාලම් සිනමා රසික සංසදවල 2024 හොඳම මලයාලම් චිත්රපට Pollවල 'Aattam' චිත්රපටේ නම නොතිබීම අති විශාල මඟහැරීමක්.
මං මේ අවුරුද්දෙ බලපු හොඳම මලයාලම් චිත්රපටය Aattam. ඒ විතරක් නෙවේ මේ වගේ බහුකේන්ද්රීය චරිත නිරූපණය ගැන හැදෑරීම්වලට පවා ගන්න වටින චිත්රපටයක්. ලෝක සිනමාවේ ඒ ධාරාවේ තියෙන 12 Angry men වගේ දැවැන්ත සිනමාපටයක් එක්ක බය නැතුව කරට කර තියන්න පුළුවන් චිත්රපටයක්. අනික් අතට ඒ තරමටම,සමහර තැන්වල ඊටත් වඩා ඩ්රාමටික් මේක.
මේක ගැන මටනං වෙනම හැදෑරීමක් කරලා පොතක් ලියන්න තරමට ඩීටේල්ස් තියෙනවා.
ඒ නිසා aavesham, manjummel boys, premalu, brahmayugam වගේ ඒවා බලන අතරෙම මේකත් බලන්න. ඒවට අනන්යවූත්, ආවේණික වූත් සිනමා රස තිබ්බ වගේම මේකටත් තියෙන්නෙ මේකටම ආවේණික සිනමා රසයක්.
මට මේක ලියද්දි ඒ චිත්රපටේ ගැන දැනෙන හැඟීම එක්ක මේක ලියල ඉවරවෙලා ආයෙත් බලන්න හිතෙන තරම්.
මං ලේසියකින් මාස්ටර්පීස් කියන වචනෙ පාවිච්චි කරන්නෑ. හැබැයි Aattamනං සිරාම masterpiece එකක්. ගින්දර drama movie එකක්.

 

ක්‍රිස් ටෙලන් සියඹලාපිටිය

Back to top
Go to bottom

Popular News