lan englan tam

පුවත්

ජැකලින් ෆර්ඩිනෑන්ඩස් අපිත් එක්ක 'යා ටීවී' හිටියේ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

Swans by the Sea සිය චිත්‍රපටය ගොඩනැගුනේ නූතන මිනිස් සබදතා අනුව වන බව චිත්‍රපට නිර්මාණකරුවකු වන අමල් අල්විස් පවසයි.

අමල් අල්විස් යනු Swans by the Sea නිර්මාණකරුවා වේ. ඔහු ගී පද රචකයෙකි. ටෙලි නිර්මාණ සහාය අධ්‍යක්ෂවරයෙකු වේ.
"Swans කියන එක හංසයෝ ගොඩක්. By the Sea යන්න ආදරය අභියස ජීවිත වගේ අදහසක් තමයි එහි එන්නේ. ඒ නම ලස්සනට ආවා. ඒ ගැන වෙන නමක් කල්පනා කළේ නෑ. නමින් තමයි දැනට යන්නේ." යනුවෙන් ඔහු සිය චිතරපටය පිළිබඳව 'මතක පද' වැඩසටහන් පූරක ගැමුණු වන්නිනායක සමග පැවසීය.
"මගේ හැරවුම් ලක්ෂ්‍යය - මට හම්බ වෙනවා හර්බට් රංජිත් පීරිස්. මම දන්නෑ ඔහු කවුද කියලා, නමුත් ඔහු එක්ක වැඩ කරනවා. ඔහු මිනිසුන් සමග හරි සැහැල්ලුවෙන් කතා කරන, හැසිරෙන, පිටපත ලියන විදිහට මම වශී වුණා. කොච්චර මම ඔහුට වශී වුණාද කියනවා නම් එයා අඳින විදිහට මම අඳින්න ගත්තා. එච්චරටම මම ඔහුගෙන් අලුත් දේවල් ඉගෙන ගත්තා." යයිද අමල් අල්විස් පවසන සම්පූර්ණ සංවාදය 'මතක පද' යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය.

Back to top
Go to bottom

Popular News