lan englan tam

පුවත්

IMAX සිනමාහල මැක්ස් පිපිරුමකට කියාපු තැනක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අනිද්දා (24) දිනයේ විවෘත වීමට නියමිත හැව්ලොක් සිටි මෝල්හි සිනමාශාලාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති සටහනක මෙසේ සඳහන් කර තිබේ.

''හැව්ලොක් සිටි අයිමැක්ස් ෆිල්ම් හෝල් එක 26 වෙනිදා විවෘත වෙනවලු. ඒකෙ ටිකට් එකක් රුපියල් පන්දාහක් විතර වෙනවලු. ඒ කියන්නෙ රුපියල් පන්දාහකට සරිලන සුපිරි සිනමා ආස්වාදයක් ඒකෙන් ලැබෙනවා කියන එක. ඇත්තටම අයිමැක්ස් එකක චිත්‍රපටියක් බලනවා කියන්නෙ ඒක සියලු සිනමා රස නහර තෘප්ත කරන සුරතාන්තමය අත්දැකීමක්. හැබැයි මේක ගැලපෙන්නෙ සම්භාව්‍ය ප්‍රබුද්ධ තනි රූප රාමුවෙ චිත්‍රපටිවලට නෙමෙයි, ත්‍රාසජනක, සද්ද වැඩකිඩ තියෙන ෆිල්ම්වලට. ඩෙඩ්පූල් ඇන්ඩ් වුල්වරින් කියන්නෙ ඒ වගේ මැක්ස් පිපිරුමකට කියාපු බඩුවක්.
අතේ සල්ලි තියෙන අය, එහෙම තියෙන වෙලාවට ඒ වගේ විසල් සිනමා අත්දැකීම් ලබන්න යන්න. ගිහින් චිත්‍රපටි බලලා කාලා බීලා විනෝද වෙන්න. එතකොටයි රටක ආර්තිකය විශාල වෙන්නෙ. නාගරික සංස්කෘතිය පුළුල් වෙන්නෙ. කැට හොල්ලලා, පයින් ගිහිල්ලා ආර්තිකය හදන්න හීන දකිනවා වෙනුවට අතිරික්තයක් විනෝදය, සතුට වෙනුවෙන් වියදම් කරලයි ඉහල සිට පහලට විහිදෙන ආර්තිකයක් ගොඩනගන්න පුළුවන්. ඒ හින්ද මේ වගේ හෝල් එකක ෆිල්ම් එකක් බලලා විනෝද වෙලා තමන් ගොඩනැගෙන ආර්තිකයට යම් දායකත්වයකුත් දුන්නා කියල සතුටෙන් ගෙදර යන්න පුළුවන්.''

Back to top
Go to bottom

Popular News