lan englan tam

පුවත්

ලේඛකයන් හම්බ කළ සල්ලි ගෝනි කෝ?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
පොත් වලින් කෝටි ගණන් හම්බ කිරීම

මෙවර කොළඹ ජාත්යන්තර පොත් ප්රදර්ශනය අවසානයේදී එක්තරා මතවාදයක් නිසා ලේඛකයන් නොසතුටට පත්වෙලා ඉන්නව දැක්කා. ඒ ත්රිවිල් රථ රියදුරෙක් විසින් ඔහු සමග හයර් එකක් ගිය පුද්ගලයෙකුට පොත් ලියන අය කෝටි ගණන් සල්ලි හම්බ කරන බවත් හවසට ඒවා ගෝනිවල දමා රැගෙන යන බවත් පැවසීමත් සමඟය. නවලිය පුවත්පතේ පළ වූ එම ලිපිය පහතින් අමුණා ඇත.

මේ සම්බන්ධව බොහෝ ලේඛක ලේඛිකාවන් නොසතුටට පත්වෙලා ඒ ගැන යම් යම් ප්රකාශ නිකුත් කර තිබෙනවා දැක්කා. ඇත්ත .....අපි දන්නවා ඒක ඇත්ත කියලා. ඇත්තටම පොතකින් ලේඛකයෙකුට ලැබෙන්නේ සියයට දහයක් වගේ ආදායමක්. ඒ අනුව රුපියල් දාහකට මිල කළ පොතකින් ලේඛකයාට ලැබෙන්නේ රුපියල් සීයක් විතරයි. ඔහුගේ පොතෙන් පිටපත් දාහක් විකුණුනත් ඔහුගේ ආදායම රුපියල් ලක්ෂයක් පමණයි.
දැන් අපි මේ කරුණ දිහා ප්රකාශකයාගේ පැත්තෙන් බලමු. ඉහත කියූ පොතම විකිණීමෙන් ප්රකාශකයා අතට ලක්ෂ නමයක් ලැබෙනවා. (1000x900/=). ප්රකාශකයෙක්නිකුත් කරන්නේ එක පොතක් විතරක් නෙවෙයි. ඔහු පොත් රාශියක් මුද්රණයෙන් ප්රකාශයට පත් කරනවා. දැන් ඉහත කී ආකාරයේ පොත් දහයක් එම ප්රකාශකයා නිකුත් කළා නම් ( මිල රුපියල් දාහක් වන පොත්) ඔහුගේ ආදායම ලක්ෂ අනූවයි.
ඉතින් හරිනේ. පොත් ප්රදර්ශනයේදී කෝටි ගණන් මුදල් ලැබෙනවා තමයි. හැබැයි ඒ ප්රකාශකයින්ට. පොත් ප්රදර්ශනයේ ස්ටෝල් එකක් තියෙන සෑම කෙනෙක්ම ප්රකාශකයෙක්. එතකොට අර ත්රිවිල් රියදුරා කියපු කෝටි ගණන් හම්බවෙන කතාව බොරුවක් නෙවෙයි. හැබැයි එයා ඒක ලැබෙනවා කියලා හිතපු ලේඛකයන්ට නම් නෙවෙයි ඒක ලැබෙන්නේ. පොතක් කිව්වාම සාමාන්ය සමාජයේ කෙනෙකුට හිතට එන්නේ ඒ පොත ලියන කතුවරයා ගැන. එයාලා හිතන්නේ පොතෙන් එන ආදායම සම්පූර්ණයෙන්ම කතුවරයාට එන්නේ කියලා. සන්නිවේදන මාධ්ය මෙච්චර දියුණු අද කාලයේ වුණත් සැබෑ තොරතුරු සාමාන්ය ජනයා අතරට කාන්දුවීම දුර්වලයි. ඒ නිසා බොහෝ විට ඔවුන්ට ලැබෙන්නේ වැරදි තොරතුරු. ඒ අනුව ඔවුන් මවාගන්න චිත්රය බොහෝ විට වැරදි වෙන්න පුළුවන්.
මේකෙ තව දෙයක් තියෙනවා. පොත් ප්රදර්ශනයේදී එක පොතක සම්පූර්ණ මුදලම එය විකුණන ප්රකාශකයා අතට ලැබෙනවා. ඒක ඇතුලේ කතුවරයාගේ මුදලක් තියෙනවා. ඇත්තම කිව්වොත් එතනදි ආදායම එන්නේ කතුවරයා අතට නෙවෙයි ප්රකාශකයා අතට.එතකොට මම අර ඉහත උදාහරණයේ දී ගත්තු රුපියල් ලක්ෂයේ සහ රුපියල් ලක්ෂ නමයේ ආදායම එකතුවෙලා ලක්ෂ දහයක් විදිහට පොත් ප්රදර්ශනයේදී ප්රකාශකයා අතට ලැබෙනවා. ( පොත් සඳහා ලබාදෙන වට්ටම ගැන අත ඇරලා මේ කතා කරන්නෙ)
ඉතින් ඒ තත්වය උඩ බැලුවම අර ත්රීවිල් රථ රියැදුරා කියපු කාරණය ඇත්තක්. මේක ඇත්තටම කෝටි ගණන් මුදල් සංසරණය වන ව්යාපාරයක්. අපි මේක තවත් විදියකට බලමු. සාමාන්යයෙන් පොත් ප්රදර්ශනයකට හැම වසරකම ලක්ෂ දහයක ජනකායක් සහභාගී වන බව කියනවා. මෙවර ඊටත් වැඩි බව තමයි කියවෙන්නේ. ඔය එන ලක්ෂ දහයෙන් ලක්ස පහක්වත් රුපියල් පන්දාහක පොත් ගත්තා කියලා හිතමු (රුපියල් 5000ක පොත් කියන්නේ බොහෝ විට පොත් තුනක් හෝ පහක් වගේ. සමහර පොත් නම් දෙකක් විතරයි). එහෙම වුනොත් එතනම පොත් ප්රදර්ශනය තුළ රුපියල් කෝටි 250ක මුදලක් සංසරණය වෙලා තියෙනවා.
දැන් ඉතින් මේකට ප්රකාශකයෝ සහ ඔවුන්ගේ සහායකයින් අදහස් දක්වන්න පටන් ගනීවි මේ ආදායම සම්පූර්ණයෙන්ම ඔවුන්ට නෙවෙයි කියලා. ඔව්......ඒක අපි දන්නවා. ඒ මුදලින් නිෂ්පාදන වියදම්, කතුවරයාගේ කොටස සහ අනෙකුත් සෑම වියදමක්ම වෙන්කරුවට පස්සේ ලැබෙන කොටස තමයි ඔවුන්ගේ ලාභය. ඒ ගැන අපේ පාඨකයන් දැන් ඉස්සරට වඩා හොඳටම දන්නවා. අපි දැන් මේ වෙලාවේ කතා කරන්නේ ඒ ගැන නෙවෙයි. Bulk එකක් විදියට පොත් ප්රදර්ශනයේදී ලැබෙන මුදල ගැන. ලාභය ගැන නෙමෙයි.
ඉතින් මට මෙතැනදී ඉස්මතු කරන්ඩ ඕන උනේ සාමාන්ය පුද්ගලයෙක් විදියට අර ත්රීවිල් රථ රියදුරා කළ ප්රකාශය (කෝටි ගණන් ඉපැයීම) වැරදි නොවන බව සහ නමුත් ඔහු එහිදී ඒ සඳහා ඉලක්ක කළ පුද්ගලයාද (එසේ උපයන්නේ කතුවරුන් බව) නිවැරදි නොවන බව.
මේක එච්චර ලොකුවට හිතන්න දේකුත් නොවෙයි. ඒත් බොහෝ තැන්වල මේ කතාව ඉස්මතු වෙන බව දැක්ක නිසා මේක ලිව්වේ.

 

463376517 8403404279746490 2880900099337389813 n

මංජුල විජේසිංහ

Back to top
Go to bottom

Popular News