lan englan tam

පුවත්

රංගනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව 2025

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සෝමලතා සුබසිංහ රංගන පාසල විසින් 2025 වර්ෂය සඳහා නියමිත සහතික පත්‍ර පාඨමාලාව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

එළඹෙන ජනවාරි 05 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත මාස 08ක් වන පාඨමාලාව රංගනය හැදෑරීමට කැමති, වේදිකාවේ, රූපවාහිනියේ සහ /හෝ සිනමාවේ දක්ෂ නළුවකු වීමට මහත් අපේක්ෂාවෙන් සිටින අය සඳහා ලංකා ළමා හා යොවුන් රඟහල පදනම හෝ සෝමලතා සුබසිංහ ප්ලේ හවුස් ආයතනය විසින් පවත්වනු ලබන පාඨමාලාවකි.
පාඨමාලාවේ මූලික අවධානය යොමු වන්නේ රංගනය, අධ්‍යක්ෂණය, පිටපත් රචනය සහ කායික රංග කලාව ප්‍රධාන විෂයන් වන වැඩසටහනට අදාළ පන්ති මූලික වශයෙන් ඉරිදා දිනවල පැවැත්වෙන අතර අවශ්‍යතා අනුව අනෙකුත් රජයේ නිවාඩු දිනවලද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම සහතිකපත්‍ර පාඨමාලාව 2025 නිර්මාණශීලී රංගකරණයේ නියැලෙන්නන්ගේ නිවැරදිම තීරණය විය හැකි බව එම රංගන පාසල පවසයි.
වැඩි විස්තර සහ ඔන්ලයින් අයදුම් කිරීමට පහත සබැඳිය භාවිතා කරන්න.
https://www.playhousekotte.org/Program/View/2034

462911949 122203272764063907 8366046234577948331 n

Back to top
Go to bottom

Popular News