lan englan tam

පුවත්

විජය ජය සමරයි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
ඔක්තොබර් 15 වන අද දිනට 45 වසරක් සමරන ‘විජය’ පුවත්පත මෙවර ඔබ අතට පත්වන්නේ විජය පුවත්පතේ විජයග්‍රාහී ගමනේ තොරතුරු රැසක් ඔබ වෙත ගෙන එමිනි.
ඒ 1980 ජුලි 20 වැනි දිනයි. මෙරට ළමයින්ට කියවන්නට තවත් ළමා පුවත්පතක් එක් වූයේ එදිනය.
1980 ජනවාරි 01 වැනිදා අලුතින් ආරම්භ කරන ලද විජය පුවත්පත් සමාගම විසින් " විජය" ළමා පුවත්පත ප්රකාශයට පත් කිරීම ළමයින් සඳහා කරන ලද මාහැඟි සේවාවක් බව අද වන විට අප පවසන්නේ නිහතමානීවය.
ලේක් හවුස් පුවත්පත් සමාගමේ සිට පැමිණි ජ්යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන්ගේ දායකත්වයෙන් හැඩ ගැන්වුණු පුවත්පත් හතරක් අතරින් එකක් ලෙස විජය පුවත්පත බිහි වූයේ එවකට ජනප්රියම ළමා පුවත්පත වූ මිහිර සමඟ තරගයක් ඇති කරමිනි. දශක පහකට ආසන්න කාලයක් ජීව ගුණයෙන් සපිරිව ළමයින් පෝෂණය කරන විජය ළමා පුවත්පතට දායකත්වය ලබා දුන් සියලු දෙනා අප සිහිපත් කරන්නේ ඉතාමත් කෘතවේදීවය.
එසේම විජය ළමා පුවත්පතේ ආරම්භක කර්තෘ වූ කිත්සිරි සමරනායක ජ්යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා සිහිපත් කරමින්, පර්සි ජයමාන්න ,පියල් උදය සමරවීර වැනි විශිෂ්ට ආදී කර්තෘවරුන්ගේ මතක ආවර්ජනයන් මෙවර විජය පුවත්පතින් කියවන්න.
විජයට නම ලැබුණ හැටි වගේම මල්මාගේ නහයේ මලක් පැලවුණු හැටි මෙවර විජය පුවත්පතින් කියවන්න ඔබටත් පුළුවන් .
කෙතරම් බාධක හමුවේ වුවද තවත් බොහෝ කල් නවීන තාක්ෂණය සමග මුසුවෙමින් ඔබට දැනුම ආකල්ප සමගින් පාඩම්පොතට වැඩි යමක් ගෙන ඒම අපගේ බලාපො⁣රොත්තුවයි. විශේෂයෙන් අනාගත ලෝකයට කියවන පරපුරක් ඉතිරිකිරීමට වෑයම් කිරීම අපගේ උත්සාහයයි..එය ඉටු කිරීමට දායකත්වය ලබා දීම ඔබ සැමගේ යුතුකමයි..
කවරය - පියල් උදය සමරවීර මහතාගේ සිතුවමකි.
45 වසරක් පුරා පුවත්පත් ලෝකය දිග්විජය කිරීමට ‘විජය‘ කෙරෙහි දැක්වූ විශ්වාසයට සැමට ස්තූතියි 😀
 
(විජය කාර්ය මණ්ඩලය විසින් එම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි.)
Back to top
Go to bottom

Popular News