lan englan tam

පුවත්

මම අත්තම්මා; ආච්චි වෙන්නේ නෑ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ජනප්‍රිය කලාකාරිනියක වන කුමාරි මුණසිංහ යනු ජ්‍යෙෂ්ඨ රංගධර ජැක්සන් ඇන්තනීගේ බිරිඳ වන්නීය.

එතැන් සිට තමන් වටා ඇති කලා පවුලේ තතු වලට වඩා ඇගේ ළමා කාලයේ සිට වර්තමානය දක්වා වන රසවත් තොරතුරු විමසීම අපේක්ෂා කරගත් වැඩසටහනකට කුමාරි මුණසිංහ සහභාගි වී සිටියාය.
ඒ නෙත් එෆ්එම්හි 'මා බාල කාලේ' වැඩසටහනට සහභාගි වෙමිනි.
මේ දිනවල කුමාරි මුණසිංහ දරුවන්ගේ වැඩ, සැමියා නවතා ගිය වැඩ, තමන්ගේ වැඩ, සමාජ සේවා වැඩ සහ මාධ්‍ය සමග වැඩ යනාදී විවිධ කාරණා හේතුවෙන් කාර්යබහුල වී ඇති බව ඇය පවසන්නීය.
කුණ්ඩසාලේහි තමන් ගිය පාසලේ සිට සිය ළමා කාලය පිළිබඳ තතු කී ඇය තමන් ජීවිතයේ ඇතැම් සිදුවීම් සිහි කරන විට බෙහෙවින් සංවේදී වූවාය.
සිය පවුල සම්බන්ධයෙන් බෙහෙවින් ආඩම්බර වන බවත් සිය දියනිය පිළිබඳව තමන් බෙහෙවින් සතුටු වන බවත් කී කුමාරි මුණසිංහ තමන් 'අත්තම්මා' යැයිද 'ආච්චි අම්මා' නොවන බවද වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Back to top
Go to bottom

Popular News