lan englan tam

පුවත්

ඉන්දීය ගායනයේ 'ක්‍රිෂ්ණමූර්තිය' ලංකාවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ක්‍රිෂ්ණ මූර්තිය යනු බොහෝ පුදන්නන් පිරිසක් ගොනු කරගත් ඉන්දියාවේ දේව චරිතයක අනුරුවකි. ක්‍රිෂ්ණ දෙවියන් පුදන මිනිසුන් එම මූර්තියට පිදුම් කරන ආකාරයට පිදුම් ලබන තවත් ක්‍රිෂ්ණ මූර්තියක් අද (10) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට පැමිණ සිටියාය.

ඒ ඉන්දීය සිනමාවේ සහ ගායනයේ ක්‍රිෂ්ණ මූර්තිය වන් වූ ජනප්‍රිය ගායිකා කවිතා ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් වේ.
සිය සැමියා වන එල්. සුබ්‍රමනියම් සමග ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නේත්‍රා ටීවී සහ ජාතික රූපවාහිනියේ වැඩසටහන් සඳහා කවිත සහභාගි වූවාය.
ඉන්දීය සිනමාව තුළ යුග ගණනාවක නියෝජනයක් වෙමින් හවා හවායි, තූ චීස් බඩී හෛ, ආජ් මේ ඌපර්, මාර්ඩාලා, රිම් ජිම් රිම් ජිම්, මෙරා පීයා ඝර් ආයා යනාදී ගණනින් කිව නොහැකි ගීත සංඛ්‍යාවක් ගායන කළ කවිතාගේ රසික රසිකාවියන් ඉන්දියාවට හා සමානව ලෝකය පුරාම විසිරී සිටී.

Back to top
Go to bottom