lan englan tam

පුවත්

මට ඕන හැම තැනම තාත්තා හිටියා; 'මිස්' වුණේ නෑ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"මට තාත්තාව මිස් වුණේ නෑ. මට ඕන හැම තැනකම එයා හිටියා." මෙසේ පවසන්නේ ලාංකේය සාහිත්‍ය නිර්මාණ පරිශීලනය කරන්නෙකුට කිසිසේත්ම මග නොහැරෙන සාහිත්‍ය වීරයකුගේ දියනියකි.

ඇය නමින් මායා නවගත්තේගමය. ඇගේ පිය නාමය කී පමණින් ඇය කාගේ දියනියද යන්න නොකිව මනාය. නමුත් එසේ හැඳින්වීමද මෙම සංවාදයට ලබා දෙන සුවිශේෂී වටිනාකමකි. ඇය ශ්‍රී ලංකාවේ පහළ වූ ශ්‍රේෂ්ඨ ගත් කතුවරයෙකු වූ සයිමන් නවගත්තේගමයන්ගේ දියනියයි.
මායා නවගත්තේගම මෙවර Mirror Arts යූටියුබ් කතාබහට එක් වෙමින් සිය පියාගේ සාහිත්‍යකරණය, ඔහුගේ භූමිකාව මෙන්ම ඇගේ කටයුතුද බෙදාගන්නට කටයුතු කළාය.
"සාහිත්‍යකරුවන්ගේ දරුවන්ට ඒගොල්ලො කරපු දේ කරන්න බැහැ. ඒක හරි අමාරුයි. තාත්තා මට කවදාවත් දුව කියලා කතා කරන්නෙ නැහැ. 'රත්තරං දුව' කියලා තමයි කියන්නෙ. තාත්තාගෙ ආදරේ නැති නොවෙන්න තියාගත්තෙ අම්මා. මට තාත්තව මිස් වුණේ නැහැ. මට ඕනෙ හැම තැනකම එයා හිටියා. මම ගත්ත දරුණු තීරණවලදී Counselor වගේ හිටියේ මගේ තාත්තා." මායා නවගත්තේගම පවසයි.
"රැවටීම්වලට අහු වෙලා රැවටෙන්න බැහැ කියලා හිතුනා. ලංකාවේ අයව විශ්වාස කරන්න බැහැ. හරියට රවට්ටනවා. ආදරේ නිසා රැවටුනා. විවාහය තුළ නිදහස නැති නිසා පළමු විවාහයෙන් වෙන්වුනා. දිනනවා හෝ පැරදෙනවා වුනත් මම ගන්න තීරනවලට මම කැමතියි." ඇය වැඩිදුරටත් පවසන්නීය.
සංවාදයේ පූරකවරිය වන්නේ මනෝහාරි හේවාවසම්ය. Mirror Arts යූටියුබ් සංවාදය සෑම සෙනසුරාදාවකම සවස 07 Mirror Arts යූටියුබ් නාලිකාවේ විකාශය කෙරේ.

Back to top
Go to bottom