lan englan tam

විශේෂාංග

ඛේදවාචක අත්දුටු ඉතිහාසයක පුනරාවර්තනය - 'Warfare'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

යුද්ධය යනු අතිශය බිහිසුණු ක්‍රියාදාමයකි. මරණීය ක්‍රියාවලියකි. එය ඇතැම් ශාස්ත්‍රාලිකයන්, දාර්ශනිකයන් හඳුන්වන්නේ දේශපාලනික - සාමාජීය ප්‍රපංචයක් ලෙසිනි.

ශිෂ්ටාචාරය යුද්ධවලින් පිරී පවතින්නකි. ඉතිහාසය ද එසේමය. ලොව ඔීනෑම රටක ඉතිහාසයක පරිචයන් ලියවී ඇත්තේ යුද්ධයේ බිහිසුණු විස්තර කිරීම් මතිනි.

යුද්ධය ඉතිහාස විනාශ කර දමන බව ජර්මනියේ විශිෂ්ටතම ලේඛකයකු වන 'වුල්ෆ්ගැන්ග් ගොතේ' වරක් ප්‍රකාශ කළේය.

ඉතිහාසය තුළ සිදු වු අතීත යුධ ස්මරණයන් නුතනයේ පවා දෝංකාර දනවන බවට කදිම නිදර්ශනයක් ලෙස අධිපතිවාදී හොලිවුඩි සිනමා ධාරාව හරහා බිහි වූ 'Warfare' යුධ සිනමාපටය නම් කළ හැකිය.

පසුගිය අප්‍රේල් මස 11 වැනිදා සිට ලොව පුරා සිනමාශාලාහි තිරගත කිරීම ආරම්භ කළ 'Warfare' සත්‍ය සිදුවීමක් පාදක කරගෙන තැනු සිනමාපටයකි. චිත්‍රපටය සඳහා කේන්ද්‍ර වන්නේ ඉරාක යුධ සමයේ ඇමරිකානු සීල් සොල්දාදුවන් පිරිසක් විසින් මුහුණ දුන් ක්‍රියාදාමයක් වටායි. එනම් 2006 වසරේ ඉරාක යුද්ධයේ කොටසක් වූ 'රමාඩි සටන' තුළ සිදු වු එක් ඛෙිදවාචකයක් පිළිබඳව සිනමාපටයේ කතාව ගෙතෙයි.

Warfare' Review: Alex Garland's Iraq War Film Leaves You Feeling Empty

යුද්ධය කුරිරුවුත් දුක්ඛිතවුත්, කම්පනමය තත්ත්වයක් නිරායාසයෙන්ම නිර්මාණය කරන්නක්. එහි වීරත්වයක් දක්නට නොමැත. එහි ශ්‍රේෂ්ඨ භාවයක් ද නැත. මේ සියලු දේ තිබෙනුයේ යුද්ධය නරඹන ප්‍රේක්ෂකයන්ට පමණකි.

යුද්ධය කිසිම අවස්ථාවක මානුෂික නැත. අනෙක් අතට මානුෂවාදී යුද්ධයකට අතපොවන්නට කිසි අයෙකුට නොහැකිය. කොටින්ම මනුස්ස ගති ගුණ ඒ වෙලාවට එලියට අයින් නොකර යුද්ධ කරන්න කොහොමටත් බැහැ.

Two men in camouflage uniforms, face to face. The one who is facing the camera wears a worried expression.

"Warfare" යනු යුධ සෙබළා පිළිබඳ දැඩි කම්පනයක් ඇති කරවනසුළු නිර්මාණයකි. චිත්‍රපටය පුරා යුධ සෙබළා උත්කර්ෂයට නංවන ප්‍රචාරාත්මක (Propaganda) බව පසෙකලා යුධ විරෝධී (Anti-War) සහ යුධ සෙබළා සංග්‍රාමය තුළ මුහුණදෙන පීඩාව, තම ජිව්තය හා ආත්මය යුද්ධ භුමියේදී විසිරුවා හරින ආකාරය පිළිබඳ මෙහිදි සාකච්ජාවට ලක්වෙයි.

සිනමාපටයෙහි හුදෙක් ගිනි අවි සටන් මාලාවකට එහා ගිය සැබෑවටම යුධ භූමියේ අත්දැකීම් ලද සත්‍ය චරිත ඇසුරිනුයි කතාව සැකසෙන්නේ. මෙම සත්‍යබව නිසා ම යුද්ධයේ ලත් මානසික සහ ශාරීරික පීඩාවේ සැබෑව සහ සමීපබව නරඹන ප්‍රේක්ෂක අපට එයාකාරයෙන්ම දැනෙන්න පටන් ගනී.

'Warfare' සිනමාපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ 'රේ මැන්ඩෝසා' සහ 'ඇලෙක්ස් ගාර්ලන්ඩ්' දෙපළ විසිනි. චිත්‍රපටයේ තිර පිටපත රචනා කර ඇත්තේ ද රේ සහ ඇලෙක්ස් දෙදෙනාගේ සුසංයෝගයෙනි.'ඇලෙක්ස් ගාර්ලන්ඩ්' 2024 වසරේ අධ්‍යක්ෂණය කළ 'Civil war' නමැති ඩිස්ටෝපියානු දේශපාලනික චිත්‍රපටය විචාරකයන්ගේ පැසුසම් හිමි වූ අපුරු චිත්‍රපටයකි. චිත්‍රපටය රේ සහ ඇලෙක්ස් පරිකල්පනය කරන ප්‍රබන්ධයක් නොවේ. සැබෑවටම සිදු වූ අතීත ස්මරණයකි.

හිටපු හමුදා සීල් යුධ සෙබළකු වන 'රේ මැන්ඩෝසා' විසින් යුධ සංස්කෘතිය සහ යුධ කටයුතුවල ප්‍රායෝගික දැනුම මඟින් සීල් යුධ මෙහෙයුමක ඇති නිවැරදිව නිරූපණය කරන්නට දායකත්වය ලැබී ඇත. චිත්‍රපටයේ නිරූපණය වන සීල් මෙහෙයුමේ නිරත වූ සෙබළුන් අදටත් ජීවතුන් අතර සිටී. සම්පුර්ණයෙන්ම පාහේ ඔවුන්ට සිදු වූ ඛෙිදවාචකය පිළිබඳ මතක ඇසුරින් කරන ලද ප්‍රතිනිර්මාණයකි.

'Warfare' සිනමාපටය අනෙකුත් යුධ චිත්‍රපටවලට වඩා විශේෂ වන්නේ කෙටි කාලයකදි සිදුවන මෙම සිදුවීම් දාමයේ ගලා යාම ප්‍රේක්ෂකයාට සජීවිව අත්විඳීමට ඉඩ සැලසීමයි. සිදුවීමෙන් පරිබාහිරව වෙනත් අතුරු සිදුවීමකට ජේදනය වීම හෝ අතීතයේ සිදු වු දර්ශනයකට ජේදනය නොවී කතාවෙි රිද්මය අවසානය දක්වා පවත්වාගෙන යයි. එය සම්පූර්ණයෙන්ම පාහේ මෙම යුධ මෙහෙයුමේ ප්‍රේක්ෂකයා කොටස්කරුවකු වීම වැළැක්විය නොහැකි කාරණයක් බවට පත් කරයි.

Warfare: A24's Iraq War movie is brutal. But it leaves out something  crucial.

'ඩෙඩ්ලයින් හොලිවුඩ්' නමැති පුවත් වෙබ් අඩවියේ ග්‍රෙගරි නුසන් නම් මාධ්‍යවෙිදියා 'Warfare' පිළිබඳ මෙසේ ලිවීය. "හොඳම දේ තමයි 'warfare කියන්නෙ කලාත්මකව නිර්මාණය කරන ලද ප්‍රතිනිර්මාණයක්. නරකම දේ තමයි එය රටේ අධිරාජ්‍යවාදයේ වඩාත්ම භයානක අවස්ථාවන්හිදී සකස් කරන ලද නිරුවත්බව ප්‍රකට කරන මිලිටරි ප්‍රචාරණයක් වීම".

ජීවිතවල මිල කොපමණද? යුධ භුමියේ දහස් සංඛ්‍යාත මිනිස් ජීවිත දැවී අළු වී යන්නේ කාගේ වරදින්ද? විවාහය, දෙමාපියන්, බිරින්දෑවරුන්, දරුවන් යනාදී පාර්ශවයන් හුදෙකලා කර හිස් වූ භූමියක් අත්පත් කර ගැනීම වෙනුවෙන් සිදු කරන මේ නිරර්ථක උත්සාහයෙන් ලැබෙන වටිනාකම කුමක්ද? කිසිවක් නැත. එකිනෙකාගේ ආත්මය (soul) වෙනුවෙන් සටන් වැදෙන ආකාරයත්, මෙි දෙපාර්ශවයම යකඩ උණ්ඩ නාස්ති කරමින් අති ව්ශාල ජන සංහාරයකට අත පොවන ආකාරයත් සංවේගජනක ආකාරයෙන් පෙන්නනවා.

ඉරාකයේ සටන්කාමීන් ඉලක්ක කොටගෙන මේ ගමන් කරන හමුදා නඩය හරහා මරණීය චාරිකාවක් සමඟ යුධ ගිනිදැල් මැද යෙදෙන බිහිසුණු ගමනාන්තයත්, යුද්ධයේ විකාරරූපී ස්වභාවයත් ඉස්මතු කර පෙන්වන්නට අධ්‍යක්ෂකවරුන් දෙපළ විශිෂ්ට ලෙස සමත් වී තිබේ.

Warfare (2025) Review : r/generationkill

මනුෂ්‍යයන් ලෙස අප යුද්ධ කරන්න යනවා නම් සම්පූර්ණයෙන්ම නොමිනිසුන් විය යුතුයි යන්න සෑම මොහොතකම චිත්‍රපටයෙහි නිරූපණය වේ. මන්ද තමන් මරා දැමු මිනිසෙකුගේ මරණය බොහෝම සැහැල්ලුවෙන් විනිශ්චයකින් තොරව හිතෙන් අයින් කරලා දාන්න පුලුවන් වෙන්නේ නොමිනිස් මට්ටමකින්ම හේතු සහගත අයෙකුට පමණක් නිසා. චිත්‍රපටයේ විශිෂ්ටබව කියාපාන නළු කැළගේ යථාර්ථවාදී රංගනය වඩාත් කැපී පෙනේ.

පැයයි විනාඩි තිහක් පුරා යුද්ධයක පවතින යථාර්ථවාදීබව ප්‍රේක්ෂකයා වෙත සමීප කරන සංස්කරණ ක්‍රමවේදයන්, කැමරා කෝණ, රූප ඛණ්ඩයෙන් සිනමාවේ ශිල්ප ක්‍රම දැවැන්ත අන්දමින් දැකගත හැකි විශිෂ්ට නිර්මාණයකි.

සාමාන්‍ය යුධ චිත්‍රපටයකට වඩා ඉන් ඔබ්බට ගිය අමු සහ අව්‍යාජබව චිත්‍රපටයේ සෑම රූප රාමුවකම තීව්‍ර වෙයි. යුද්ධයක ඇති අවුල්සහගතබව, ආතතිය, කම්පනය ප්‍රේක්ෂකයා වෙත දනවන්නට සමත් වේ. ඉරාක - ඇමරිකානු සංග්‍රාමයේ සැබෑ තත්ත්වය පිළිබඳ අමානුෂිකවූත් විකෘතිවූත් ස්වභාවය පිළිබඳ කියැවෙන හොඳම නිර්මාණයක් ලෙස "Warfare" හැඳින්විය හැකිය.

ජීවිතය සහ මරණය අතර දෝලනය වන අසීරු මෙහෙයුමක පුනරූපණ සිනමාත්මකව පිළිබිඹු වේ. ඔබට 'Warfare' සිනමාපටය මේ දිනවලදී කොළඹ වන් ගෝල් ෆේස් සාප්පු සංකීර්ණ පරිශ්‍රයේ පිහිටි PVR සිනමාශාලාවෙන් නැරඹීමට හැකිය.

 

476237625 2101514566935849 5297727973837240105 n 

 

 

 

 

කර්තෘ - මලින්ත විතානගේ

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(මූලාශ්‍රය - මෙම ලිපිය සරසවිය පුවත්පතේ පළවූවකි)

 

Back to top
Go to bottom