lan englan tam

පුවත්

'සූරිය සුළඟ' | 2025 සැප්තැම්බර් මාසයේ සිට දිවයින පුරා සිනමා හල්වලදී!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ආදරණීය කතාවක්, දේදුනු ආකාසේ, මන්දාරා වැනි Blockbuster සිනමාපට රැසක් ලාංකීය සිනමාවට තිළිණ කළ ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා නිර්මාණය වන්නේ ‘සූරිය සුළඟ’ චිත්‍රපටයයි.

මෙය 2025 සැප්තැම්බර් මාසයේ සිට දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වීමට දැන් සියලු කටයුතු සූදානම්.

Mr. World තරඟාවලියෙන් ලොවක් හඳුනාගත් මේඝ සූරියආරච්චිගේ ප්‍රධාන රංගනයෙන් හැඩවන සූරිය සුළඟ චිත්‍රපටයට නිහාරි පෙරේරා, සනත් ගුණතිලක, අශාන් ඩයස්, සේමිණී ඉද්දමල්ගොඩ, මෞලි දුෂ්මන්ත, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ටෙරී ජයසිංහ, ලහිරු බාලසූරිය, මුතූ තරංගා, සජිනි රෝයි ඇතුලු තවත් නලු නිලියන් රැසක් රංගනයෙන් එක්වනවා.

සූරිය සුළඟ තිර පිටපත අධ්‍යක්ෂක ප්‍රියන්ත කොළඹගේ සහ වජිර කස්තුරි එකතුවෙන් රචනා කරනු ලැබ ඇති අතර, චිත්‍රපට නිශ්පාදනය, මනීශා ද සිල්වා, චම්මික ද සිල්වා, එම්.ආර්.එච් පෙරේරා හා ප්‍රියන්ත කොළඹගේ විසිනි.

චිත්‍රපටයේ කැමරාකරණය රුවන් කොස්තා විසිනි

ඉතින්, ළඟදීම ප්‍රේක්ෂක ඔබට ආදරය - ත්‍රාසය - කුතුහලය සමඟින්, ක්‍රියාදාම පිරුනු නැවුම් සිනමා අත්දැකීමක් විදගන්නට ‘සූරිය සුළඟ’ හරහා ඉඩ ලැබෙනවා.

May be an image of 2 people and text that says 'MEGHA SOORIYAARACHCHI NIHARI PERERA SANATH SEMINI GUNATH GUNATHILAKE IDDAM IDDAMALSODA SAJINI ROY FATIVE FOR FORCE ASHAN DIAS ISURU LOKUHETTIARACHCHI COLOMBAGE AHEKnTИACKATCEKP AN EXCI NG CINEMAT ICEXPERIENCE FROM PRIYANTHA COLOMBAGE WHOBROUGHTYOI සූරිය "ADARANEEYAKATHAWAK" "ADARANEEYA KATHAWAK" "DEDUNU DEDUNUAKASE AKASE "MANDARA" මසුමඟ'

Back to top
Go to bottom