lan englan tam

පුවත්

අචාර්‍ය සමන් පුෂ්පකුමාරගේ‘හේගල් විස්තරාත්මක හැදින්වීමක්’ කෘතිය එළිදැක්වීම (27)!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ අචාර්‍ය සමන් පුෂ්පකුමාර විසින් රචිත ‘හේගල් විස්තරාත්මක හැදින්වීමක්’ ශාස්ත්‍රීය කෘතිය එළඹෙන මාර්තු 27 වෙනිදා, සවස 3.00 ට , කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළි දැක්වෙනවා.


එදින කෘතිය පිළිබඳව අදහස් දැක්වීම නිලන්ත එදිරිවික්‍රම පියතුමා, සුමනසිරි ලියනගේ, නිර්මාල් රංජිත් දේවසිරි යන මහත්වරුන් විසින් සිදු කිරීමට නියමිතයි.


පහතින් දැක්වෙන්නේ බටහිර ඉවුරේ දර්ශනය කණ්ඩායම මෙම කෘතිය පිළිබඳ පළ කොට තිබූ අදහසකි. මෙම අදහස් දැක්වීම මගින් සිංහල භාෂාවෙන් දර්ශන විෂය පිළිබඳ මෙවැනි කෘතීන් පළවීමේ වැදගත් කම මැනවින් පෙන්වා දෙන බැවින් එම අදහස උපුටා දක්වන්නෙමු.

 


“කෙසේ වුවත් හේගලියානු පාරභෞතික විද්‍යාව සම්බන්ධයෙන් සිංහල භාෂාවෙන් සංවාදයක් ඇති වීම අපගේ දාර්ශනික ව්‍යාපෘතිය සඳහා ඉතාම ප්‍රයෝජනවත් වැඩකි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ විසිවෙනි සියවස ප්‍රති-පාරභෞතික විද්‍යාවන් (anti-metaphysics) දාර්ශනිකව ජයග්‍රාහී වූ සියවසක් වීමයි. ප්‍රති-පාරභෞතික විද්‍යාවන් විසින් අපට කියා සිටින්නේ ලෝකය පිළිබඳව පරම වූ දැනුම වෙත මිනිසාගේ තර්ක බුද්ධියට ළඟා විය නොහැකි බවයි. මෙයට එරෙහිව දර්ශනයේ සමාරම්භක ග්‍රීක අභිලාශය වූයේ පැවැත්ම යනු කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරක් ලබා දීමයි. එය 'logos' වෙනුවෙන් කළ පෙනී සිටීමකි. ප්‍රති-පාරභෞතික විද්‍යාව සෑම විටම 'ලෝගෝස් කේන්ද්‍රීයව' සිතීමට එරෙහිව යයි. එය ලෝගෝස් ඉක්මවාලූ 'එහා පැත්තක' විසඳුමක් වෙත - ව්‍යවහාරයේ, අසාර්ථක වීමේ, බිඳ වැටීමේ, භාවනා කිරීමේ, යාඥා කිරීමේ ආදී ලෙස - ගමන් කරයි. හේගලියානු දර්ශනය යනු මෙයට එරෙහිව දර්ශනයේ සමාරම්භක අභිලාශය වෙනුවෙන් සිදු කළ දැවැන්ත ඓතිහාසික පෙනී සිටීමකි. එම නිසාම හේගල් දැන ගැනීම යනු විසිවෙනි සියවසේ දාර්ශනික ප්‍රතිගාමිත්වයට එරෙහි වීමට ධෛර්යය තිබෙනවා යන්නයි. හේගල් ගැන දැන ගැනීම අපට ඉතාම ප්‍රයෝජනවත් වන්නේ මේ නිසාය. කුමන සීමා කම් මධ්‍යයේ වුවත් මෙවැනි වැඩ සංවිධානය වීම වැදගත් වන්නේ මේ නිසාය. මෙයට සහභාගී වන්න කියා සියලු දෙනාගෙන ඉල්ලා සිටිමු.”

 


(බටහිර ඉවුරේ දර්ශනය Face book පිටුව ඇසුරිනි)

Back to top
Go to bottom