කමත කලා කේන්ද්‍රය විසින් සංවිධානය කරන වේදිකා නාට්‍ය උළෙල තමයි "කොළඹ කමත උළෙල”2025 කියලා කියන්නේ.
මේක, මාර්තු 27,28,29,30 යන දවස්වල BMICH හි පිහිටි කමත කලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා.
ඒ වගේම නාට්‍ය උළෙලට සමගාමීව කලා වැඩමුළු හා සංවාද රාශියක්ද මෙම දිනයන්හි සංවිධානය කරලා තියනවා.
නාට්‍ය උළෙල වැඩසටහන් පෙළගැස්මේ, ඔක්කොම නාට්‍ය 22ක්. එයට, සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරයට විවෘත (General Audience - ඕනෑම කෙනෙක් සඳහා), නාට්‍ය 12 ඇතුළත්. මීට අමතරව ළමා නාට්‍ය 5ක් සහ වැඩිහිටියන්ට සීමා වුණු නාට්‍ය 2ක් ද මේ වැඩසටහනට ඇතුළත්. General Audience නාට්‍ය 12න් 6ක්ම සිංහල දිගු නාට්‍ය.
මීට අමතරව නාට්‍ය කාලාව පිළිබඳ වැඩමුළු හා සංවාද ගණනාවක් මේ දින වල සංවිධානය කරලා තියනවා.
වැඩි විස්තර සහ ප්‍රවේශපත්‍ර www.kolambakamatha.com වෙබ් අඩවියෙන්. නැත්නම් කොළඹ කමත කාර්යාලයෙන් ලබා ගන්නත් පුලුවන්.
නාට්‍ය පැවැත්වෙන දිනයන් සහ වේලාවන් ගැන විස්තර පහත පෝස්ටර් මගින් දක්වලා තියනවා.
https://mirrorarts.lk/news/10789-2025-10#sigProId6a8afcbc6b