මෙවර Mirror Arts කතා බහ සමග එක් වූයේ ජනප්‍රිය රංගන ශිල්පිනී දුශේනි මියුරංගි යි.
පසුගිය දිනවල ඇය සමාජ මාධ්‍යයේ බෙහෙවින් කතා බහට ලක්වූ චරිතයක් වූවා. විශේෂයෙන්ම ඇය රංගනයෙන් එක් වූ පෞද්ගලික නාළිකාවක විකාශය වන ටෙලි නාට්‍යකින් ඇයව ඉවත්කිරීම පිළිබඳව සමාජ මාධ්‍යය හරහා ඇය අදහස් පළ කර තිබූ අතර පසුව මේ පිළිබඳව අදාල ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා ද සමාජ මාධ්‍ය මගින් විවේචනාත්මක අදහස් දැක්වීමක් සිදු කර තිබුණා.
මෙම චෝදනාවන් පිළිබඳව ද දුශේනි සිය සාකච්ඡාවේදී අදහස් පළ කළා.
එමෙන්ම, වර්තමාන ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මෙන්ම එහිදී ලැබූ අත්දැකීම් ගැන ද අදහස් බෙදා හදා ගන්නට ඇය අමතක කළේ නෑ.
එමෙන්ම, තම පෙම්වතා සචින් ලියනගේ පිළිබඳව ද ඇය සාකච්ඡාවේදී හඩ අවදි කළා.
දුශේනි - “මම මාව ගොඩාක් හයියෙන් බලා ගත්තානේ. එතකොට මට හම්බ උනා කෙනෙක්ව මටත් වඩා හයියෙන් මාව බලා ගන්න.එතකොට මට හිතුනා හරි මට දැන් නිදහසේ ඉන්න පුළුවන්. එයා මාව බලා ගන්නවා කියලා.ඇත්තටම ඉතින් අදටත් එයා මාව බලා ගන්නවා...”
ඔබට දැන් Mirror Arts යූ-ටියුබ් නාලිකාව හරහා දුශේනි මියුරංගි සහභාගී වූ සම්පූර්ණ සාකච්ඡාව නැරඹීම සදහා එක් විය හැකියි.
(සාකච්ඡාව මෙහෙය වූයේ - මනෝහාරී හේවාවසම්)