lan englan tam

පුවත්

කෑන්ස් සිනමා උළෙලට යන 'ගැහැණු ළමයි'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දේශීය සිනමාවේ අග්‍රගණ්‍ය චිත්‍රපට අධ්‍යක්ෂකවරිය වූ ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ විශිෂ්ටතම සිනමා කෘතියක් වන 'ගැහැණු ළමයි' මෙවර, (2025) කෑන්ස් සිනමා උළෙලේ ප්‍රදර්ශනය කෙරෙන බවට තොරතුරු වාර්තා වනවා.

1978 වර්ෂයේ තිරගත වූ 'ගැහැණු ළමයි' චිත්‍රපටය දේශීය මෙන්ම විදේශීය සම්මාන උළෙල කිහිපයක්දීම ඇගයීමට ලක්වූ චිත්‍රපටයක් වනවා.

සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණයට ප්‍රවිෂ්ඨ වූයේ ද ගැහැනු ළමයි සිනමා සිත්තම තුළින් වන අතර ප්‍රවීණ නිළි වසන්ති චතුරාණිගේ ප්‍රථම සිනමා ආගමනය සිදු වූයේ ද මෙම චිත්‍රපටය හරහායි.

චිත්‍රපටය නිර්මාණයට පාදක වූයේ කරුණාසේන ජයලත්ගේ ප්‍රසිද්ධ නවකතාවක් වූ 'ගැහැණු ළමයි' නවකතාවයි.

ඒ අනුව ලාංකීය සිනමා කෘතියක් මෙලෙස ලෝකයේ ප්‍රධානතම සිනමා සම්මාන උළෙලක් වන කෑන්ස් සිනමා උළෙලේ (Cannes Film Festival) ප්‍රදර්ශනය වීම ඉතා වැදගත් අවස්ථාවක් වනවා.

2025 කෑන්ස් සිනමා උළෙල මැයි මස 13-24 වනදා දක්වා ප්‍රංශයේ Cannes හීදී  පැවැත් වීමට නියමිතයි.

Back to top
Go to bottom