lan englan tam

පුවත්

'Battle Of Bands International' වේදිකාවේ අවසන් මහා තරගයේ දෙවෙනි තැන ලංකාවට!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලොව පුරා සංගීත කණ්ඩායම් රැසක් එකම ජාත්‍යන්තර වේදිකාවක තරග වදින "Battle Of Bands International" හි, අවසන් මහා තරගයේදී එහි දෙවන ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් වන “Knights” සමත් වූවා.

May be an image of 5 people, saxophone and text

ඉන්දියාවේ මුම්බායිවල පැවැත්වෙන මෙහි ප්‍රථම ස්ථානය හිමි කර ගනු ලබුවේ මොරිෂස් රාජ්‍ය නියෝජනය කළ ‘Ebanez Music’ සංගීත කණ්ඩායමයි.

'Battle of Bands International' තරගය සදහා මාලදිවයින, මොරිෂස්, ටජිකිස්තානය, ඇෆ්ගනිස්ථානය, සිංගප්පූරුව, රුසියාව, ශ්‍රී ලංකාව, නේපාලය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය යන රටවල නියෝජනය කරමින් සංගීත කණ්ඩායම් ඉදිරිපත් වූ අතර අවසන් මහා තරගය වෙනුවෙන් කණ්ඩායම් 5 ක් තරඟ වැදුණා.

'Battle of Bands' යනු ඉන්දියානු රාජ්‍ය රූපවාහිනී නාලිකාව වන 'දූරදර්ශන් ටී. වී' වෙතින් ලෝක ප්‍රසිද්ධ සංගීත සන්නාමයක් වන 'සරිගම' සමඟ එක්ව සිදුකරනු ලබන නිර්මාණ කටයුත්තක් වනවා.

'Knights’ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වන්නේ තරිඳු නිර්මාණ -Vocalist, ගීසර විජේකෝන්- Lead Guitarist & Vocalist, අරුන් ජෙරොමි - Guitarist & Vocalist, රුක්ෂාන් සිල්වා - Drummer, හංස ප්‍රනාන්දු - Keyboardist & Vocalist, දනිදු පෙරේරා - Bassist & Vocalist යන කණ්ඩායමයි.

ලොවපුරා විහිදුණු අපූරු සංගීත රටාවන් එකම තැනක දස්කම් දක්වන මෙවන් වේදිකාවක 'ශ්‍රී ලංකා' නාමය ඉදිරියට ගෙන ගිය 'Knights' සංගීත කණ්ඩායමට අපගේ උණුසුම් සුබපැතුම්!

Back to top
Go to bottom