lan englan tam

පුවත්

මේඝ සූරියආරච්චි රංගනයෙන් එක්වන අලුත්ම චිත්‍රපටය "අග්නික" ළඟදීම!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

තරුණ පරපුරේ ජනප්‍රිය නලුවෙකු වන මේඝ සූරියආරච්චි "අග්නික" නැමැති අලුත්ම චිත්‍රපටයකට රංගනයෙන් එකතු වී තිබෙනවා.

පසුගියදා Mr. World 2024 තරඟාවලියෙන් ලොවක් හඳුනා ඔහු ‘සිනේ මා’, ‘මන්දාරා’ වැනි සිනමාපට හරහාත් මෙරට සිනමා රසිකයින්ට සමීප වුවා.

කපිල සූරියආරච්චි අධ්‍යක්ෂණයක් වන "අග්නික" චිත්‍රපටය සත්‍ය කතා පුවතක් ඇසුරෙන් නිමවූවක් වන අතර මේ වන විට එහි රූගත කිරීම් අවසන් වී තිබෙන බවයි වර්තා වෙන්නේ.

චිත්‍රපටයේ ඔහු සමඟ නිහාරි පෙරේරා , මෞලි දුෂ්මන්ත , ශ්‍යාම් ප්‍රනාන්දු , නීටා ප්‍රනාන්දු , ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, දිනෙත් ද සිල්වා , කළනි දොඩන්තැන්න , සනත් ගුණතිලක සහ දසුනි නවෝද්‍යා ආදී ප්‍රවීණ මෙන්ම නවක රංගන ශිල්පීන් පිරිසක් මීට රංගනයෙන් දායක් වී  තිබෙනවා.

කැමරාකරණය රුවන් කොස්තාගෙනි.

Back to top
Go to bottom