lan englan tam

පුවත්

රටේම අවධානයට ලක්වූ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වන ‘Room no.106’

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

පසුගිය කාලයේ මෙරට බොහෝ කතාබහට ලක්වූ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වන ‘Room no.106’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වී තිබෙනවා.

මෙම චිත්‍රපටය ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක සුරංග ද අල්විස්ගේ නිර්මාණයක්. සුනෙත් මාලිංග ලොකුහේවා මෙහි තිර රචකයායි.

බිමල් ජයකොඩි, ඩිස්නි රාජපක්ෂ, ශ්‍යාම් ප්‍රනාන්දු, කළණ ගුණසේකර, දමිතා අබේරත්න, නයෝමි තක්ෂිලා, ප්‍රියන්ත සිරිකුමාර, අමිත්ත වීරසිංහ, ගීතිකා රාජපක්ෂ, ශාක්‍ය හැරිස්... ඇතුළු රංගන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වනවා.

මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදුකොට ඇත්තේ සංඛ දිනෙත් විසින්.

‘Room no 106’ චිත්‍රපටය SANGEETHA FILMS සාඩම්බර ඉදිරිපත්කිරීමක්.

.පහතින් දැක්වෙන්නේ ‘Room no. 106’ චිත්‍රපටයේ අලුතින්ම නිකුත් වූ පූර්ව ප්‍රචාරක පටයයි.

Back to top
Go to bottom