සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ මංජුල වෙඩිවර්ධනගේ ‘බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක්’ කාව්‍ය සංග්‍රහය පිළිබඳසහෘද කතාබහටයි.
පරසතු මල් පෙත්තක සිලිටි බව විඳින්න, බෝද්ලෙයා ගැන දැනගන්න, කතා කරන්න, 2025 මැයි 24 වෙනි සෙනසුරාදා, උදේ 10 ට ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.
තැන හරියටම බලාගන්න මේ Google Map යොමුවෙන් : https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7
මෙම කෘතිය පිළිබඳ කතාබහේදී කල්පනා ඇම්බ්රෝස්, ප්රියාෂා රන්වල, නලීන් එන්. කාරියවසම් සමග වසන්ත ප්රියංකර නිවුන්හැල්ල ප්‍රධාන අදහස් දැක්වීමෙන් සම්බන්ධ වීමට නියමිතයි.
සාකච්ඡාව මෙහෙයවන්නේ පැතුම් පුංචිහේවා විසින්.
විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහිදී ‘බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක්’ කාව්‍ය සංග්‍රහය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට පුළුවන්.
‘බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක්’ කාව්‍ය සංග්‍රහය කියවූ නොකියවූ ඔබ සැමට ඔබේ අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක්වන ලෙස ආදරයෙන් ඇරයුම් කරනවා!
එහෙනම්, මැයි 24 වැනි සෙනසුරාදා හමුවෙමු.
The Asian Review Sinhala සංවිධානය කරන ‘සෙනසුරාදා ලේඛක-පාඨක හමුව’ ට එන්න ඔබෙන් කිසිදු මුදලක් අයකරන්නේ නෑ. එය සම්පූර්ණයෙන්ම ඔබ වෙනුවෙන්මයි!
https://web.facebook.com/share/v/19MssNygZk/
(සංවාදය පිළිබඳ තොරතුරු 'The Asian Review Sinhala' facebook පිටුව ඇසුරින් උපුටාගෙන පළ කරන ලදී)