ඔබ සිනමාවට ප්‍රවේශ වෙන්නේ මොන විදියටද?
පුවත්පත් කලාවේදියෙකු වන ආරියරත්න කහවිට හිටියේ කොටහේනේ අපේ පදිංචි වෙලා හිටපු වාසල පාරෙමයි. එයා උදේ හවස මට මුණගැසෙනවා. එයා මාව දන්නවා.ඉතින් එයා තමයි මාව සිනමාවට සම්බන්ධ කළේ. එයා මගෙන් ඇහැව්වේ ෆිල්ම් එහෙක ෆයිට් එකක් තියෙනවා. ඔයාට කරන්න පුළුවන්ද කියලායි.
මම ඉස්කෝලේදී ජිම්නාස්ටික් එහෙම කළ විත්තිය එයා දන්නවා. හැබැයි මම ඒ වෙනකොටත් ෆිල්ම් එකක රඟපාලා තිබුණා.කොටහේනෙ චර්ච් එකේ ඒ කාලේ හිටියේ ෆාදර් අර්නස්ට් පෝරුතොට. එයා හිඟන කොල්ලා කියලා ෆිල්ම් එකක් කළා. මගේ මුල්ම රඟපෑම ඒ ෆිල්ම් එකේග හැබැයි ඒක අතරමග නැවතුණා.
කහවිට ඔබව අරන් ගියේ ටයිටස් තොටවත්ත ළඟට චණ්ඩියා චිත්‍රපටියේ රඟපාන්නයි. කොහොමද ඒ අත්දැකීම?
ටයිටස් මහත්තයා හොඳ මනුස්සයෙක්. මම රඟපෑවේ ගාමිණී ෆොන්සේකා සමඟයි. ඔහුත් තේරුම් ගත්තා. මම යමක් දැනගෙන සිනමාවට ආ කෙනෙක් කියලා. මේ ෆිල්ම් එක කරද්දී හොඳ වැඩක් වුණාග ෆිල්ම් එක සම්පූර්ණයෙන් බලන්න ඉස්සර එඩිට් නොකළ ෆයිට් එකේ දර්ශන ටයි මහත්තයා එක්ක බැලූවා. මේ ෆිල්ම් එකේ නිෂ්පාදක ගුණරත්නම් මහත්තයා මට මතකයි.ෆයිට් එකේ දර්ශන එඩිට් කරලා ඉවර වුණු ගමන් එයා කීවා මගේ වීරයාට ගහනවා වැඩියි කියලා. ඊට පස්සේ ටයි මහත්තයා ආයේ එඩිට් කළා.
ඔබ පුවත්පතකට බොහොම ඉස්සර කියලා තිබුණා රඟපාන්න ඉස්සරලා බත් කන්න තැනක් හොයාගන්න ඕනෑ කියලා. ඒ ඇයි?
සිනමාවට ඇවිත් ටික කාලෙකින් මම දැනගත්තා මෙතැන වෙන සෙල්ලමක් වෙන්නේ කියලා.
ඒ සෙල්ලම මොකක්ද?
ඒ කාලේ එක එක ගෲප්ස් හැදිලා තිබුණා. ෆිල්ම් එකක් කරනවා නම් අධ්යක්ෂ පවා ඒ අයගේ බලපෑම්වලට යටත් වුණා.එක එක ආයතනවලින් අහවල් නළුවා ගන්න,අහවල් නිළිය ගන්න කියන බලපෑම් තිබුණා.ඒවාට සම්බන්ධ වෙන්නේ නැති අයට දෙවියන්ගේ පිහිටයි. නළු නිළි සම්බන්ධකම් නිෂ්පාදක සම්බන්ධකම් අනුව රඟපාන්න තෝරා ගත් නිසා අපට දක්ෂයෝ අහිමි වෙලා තියෙනවා. කොහොම හරි මම රඟපාන්න එනකොටත් මැක්වුඞ් සමාගමේ වැඩ කළා. ඉරිදා සෙනසුරාදා දවස්වලට තමයි මම ෂූටින් දාගත්තේග රස්සාව ආරක්ෂා කරගන්න ඕනෑකම මට තදින්ම තිබුණා නේ. ඉතින් ඒ කාලේ තත්ත්වය සලකලා තමයි මම ඔය කතාව කීවේ.හැබැයි මම පස්සේ කාලෙක පූර්ණකාලීනව සිනමාවේ රැුඳෙන්න ඕනෑ නිසා රැකියාවෙන් අස්වුණා.
රඟපෑම පිළිබඳව විශේෂයෙන් සටන් නළුවෙක් විදියට ඔබ අධ්‍යයනයක් කළේ නැද්ද?
සටන් කියුවාම ඒ කාලේ ලංකාවේ තිබුණේ චීන අඩි කියන සටන් ශිල්පය විතරයි.කරාටේ වගේ ඒවා තිබුණේ නෑ. මම කළේ ඇමරිකන් තානාපති කාර්යාලයේ පුස්තකාලයට ගිහින් පොත් කියවන එකයි. මම වැඩියෙන්ම ෆලෝ කළේ ඇමරිකාවේ නළුවෙකු වන බර්ටි ලැන්කැස්ටර්. ඔහු ඒ කාලේ ඇමරිකාවේ හිටපු හොඳම ජිම්නාස්ටික් ක්‍රීඩකයා. ඒ විදියට ස්වයං අධ්‍යයනයෙන් තමයි සටන් කලාව ඉගෙන ගත්තේ.
සටන් නළුවෙක් වුණු ඔබ සටන් අධ්‍යක්ෂවරයෙකුත් වුණා?
එතැනදී තමයි අපිට ප්‍රශ්න ඇතිවුණේ. අපි අධ්යක්ෂවරයා විදියට ඉන්නවා මදිවාට අනෙක් අයව පුහුණු කරන්නත් සිදුවුණා. සටන් කලාව ප්‍රගුණ කළ අය සමඟ නෙවෙයි අපට වැඩ කරන්න වුණේ.
තාක්ෂණය සමඟ මේවාට විසඳුම් සොයාගන්න පුළුවන්නේ.?
තාක්ෂණයේ දියුණුවත් සමඟ සමහර දේවල් පහසු වෙනවා. හැබැයි ඒ නිසාම අඩුවකුත් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් යම් දෙයක් කළ හැකි අවස්ථාවලදීත් ඩමි පාවිච්චි කරනවා. උදාහරණයක් විදියට ගත්තොත් සිරිපාල හා රන්මැණිකා චිත්‍රපටයේදී මමයි රවීන්ද්‍රයි දුවන කෝච්චියෙන් ඇත්තටම පැන්නා. දැන් ඉතින් ඒවාගේ දේවල් කරන්නේ ඩමි.
සටන් නළුවෙකුට තිබෙන අභියෝග විදියට ඔබ සලකන්නේ මොනවාද?
තමන් කරන දේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ.ඒ ගැන පුහුණුවකුත් තියෙන්න ඕනෑ.අපි ඒ කාලේ මොන තරම් කැපවීමකින් ඒ දේවල් කළාද?දුනු ඊතල වගේ දේවල් ඇමරිකාවෙන් එංගලන්තයෙන් ගෙන්න ගත්තා. අශ්වයන් පිටේ යන්න පුහුණු වුණා.වෙඩි තියන්න පුහුණු වුණා.සෑහෙන අමාරුවෙන් තමයි මේවා ඉගෙන ගත්තේ. එහෙම පුහුණුවක් වගකීමක් නැති වුණාම වැරදීම් වෙනවා.
ඔබටත් මතක ඇතිනේ පසුගිය දවස්වල එහෙම පුහුණුවක් නැති අය ෂූටින් එකකදී තුවක්කු පාවිච්චි කරන්න ගිහින් සිදුවුණු දේ. අපරාදේ කෙනෙක් මියගියාග. ඒ දේවල් වෙන්නේ පුහුණුවක් නැති නිසායි.
ඔබ කැමතිම අධ්යක්ෂවරයා විදියට සලකන්නේ කවුද?
ටයිටස් මහත්තයාග ඔහු හැම දෙයක් ගැනම දැනගෙන හිටියා. එයාට සටන් ගැන, සංගීතය ගැන, සංස්කරණය ගැන දැනුමක් තිබුණා. එයාට බොරු කරන්න බැහැග එයා හිතවත්කම් කලාවේදී සලකන්නේ නෑ. කාටත් එකයි. අනෙක තමයි ටයිටස් මහත්තයා තිබුණ සිස්ටම් එකෙන් බැහැර වුණා. නීල් මොරායසුත් එහෙමයි. ඒ කාලේ ෆිල්ම් එකක් හදලා හොඳට දිව්වොත් ඒ රැල්ලටම තමයි ෆිල්ම් හැදෙන්නේ. මේ දෙන්නා එහෙම නෑ.
විජය කුමාරතුංග සමඟ ඔබේ තිබූ සබඳකම කොහොම එකක්ද?
මම මැක්වුඞ් එකේ වැඩ කරන කාලේ දවසක් විජය මාව හොයාගෙන ආවා. ඇවිත් එයාත් කොටහේනේ සෙන්ට් බෙනඩික්ට් එකේ ඉගෙන ගත්තා කීවා.අපි ඉතින් ඉස්කෝලෙට සලකනවානේ. මමත් උදව් කළා. එයාව මගේ ගෙදර එක්කන් ගිහින් සටන් ක්‍රම ගැන පුහුණුවක් පවා දුන්නා. පස්සේ එයා කොළඹ ආවාම නතර වුණේ පවා මගේ ගෙදර.
ඔබ ඔහුගේ දේශපාලනයට නම් උදව් කළේ නෑ නේද?
මම දේශපාලනයට නෑ.කිසිම දේශපාලන පක්ෂයකට නෑ. ඒ නිසා මම විජයගේ දේශපාලනයටත් උදව් කළේ නෑ.
(ඔහු නිවෙස තුළට ගොස් ලිපියක් ගෙනත් මා අත තබයි. එක්තරා ප්‍රබල දේශපාලන පක්ෂයක නායකයකු සිය අත් අකුරින්ම ලියූ ලිපියක් මා අත තබයි. එහි ඇත්තේ එකී පක්ෂයෙන් මහරගම ආසනයට තරග කරන ලෙස ඉල්ලීමකි. මුදලින් මිලියන පහක ආධාරයක් දෙන බවද සඳහන්ව ඇත. මම දේශපාලනයට කැමති නෑ.
සිනමා ක්ෂේත්රයේදී නළු නිළියන්ට විවිධ කතා හැදෙනවා.ඔබට එහෙම අත්දැකීම් නැතිද?
මම ඒ අතින් පරිස්සම් වුණා. එහෙම අත්දැකීමක් කියන්නම්. එක ෆිල්ම් එකක ෂූටිං බලන්න මටත් අධ්යක්ෂවරයා එන්න කීවා. ෆිල්ම් එක ෂූට් කළේ ෆිල්ම් හෝල් එකක. මමත් ගියා. මේ දර්ශනය ගැනුණේ චිත්‍රපටය දුවද්දීමයි. මම ගිහින් බැල්කනියේ වාඩිවුණාම මගේ දෙපැත්තෙන් මම රඟපාන්න හිටපු ෆිල්ම් එකේ ප්‍රධාන නිළියයි, එයාගේ මවට රඟපාන්න හිටපු නිළියයි ඇවිත් මගේ දෙපැත්තේ වාඩිවුණා. දැන් ෆිල්ම් එක යනවා අර නිළිය මගේ කකුල පාගනවා... ඉවරයක් නෑ. මම නිශ්ශබ්දවම හිටියා. එදා මම වැඩ ආරම්භ කළා නම් කොහොම හිටීවිද?
සම්මාන ප්‍රදානයන් ගැන ඔබට දැනෙන්නේ මොන වාගේද?
ඒ කාලේ ඔය එක එක සම්මාන උළෙලවල් තියෙනවානේ. ඒවායේදී ඡන්ද එහෙමත් තියෙනවානේ. කියන්න ලැජ්ජයි ඔය එකකදීවත් මට පාඨක ඡන්ද එකක්වත් ලැබිලා නෑ. සමහරු කියනවා රොබින් අපි ඔයාට ඡන්දෙ දුන්නා කියලා. හැබැයි ඒවාට වෙච්ච දෙයක් නෑ. අනෙක අද එස්එම්එස් යවනවා වගේ තමා ඒ කාලේත් පත්තර අරන් කූපන් තොග පිටින් යවන්නේ.කනගාටු වෙන්න දෙයක් නෑ. ප්‍රශ්න මැද්දේ අවුරුදු පනස් දෙකක් සිනමාවේ රැඳී සිටීමත් සම්මානයක් තමා.
නිළියන් ඈඳලා ඔබට කතා හැදුණේ නැහැ නේද?
ඒ කාලේ මගේ කාමරේ පවා නිළියෝ නිදාගෙන ඉඳලා තියෙනවා. ඒ කාලේ මට යාළුවො විහිළු කරනවා කොට්ටෙට උඩින් පැනගන්න බැරි එකා කියලා.
සමහරු කියනවා ඔබ අමිතාබ් බච්චන් වගේය කියලා.
අමිතාබ් බච්චන් මට අවුරුදු පහකට හයකට විතර බාලයි. හැබැයි මම සීරියස් විදියට රඟපාන්න එනකොට මගේ වයස පහුවෙලා.
නිමල් අබේසිංහ-රාවය පුවත්පතිනි