ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැති ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය වන පෙරේදා (27) ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලිට ඔහු ලකුණු 36කට දැවී යාමෙන් අනතුරුව නැවත ක්‍රීඩාගාරයට යන අවස්ථාවේදී ප්‍රේක්ෂකාගාරයේ සිටි ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයෝ හූ හඬ නැංවූහ.
එහිදී කෝලි නැවත හැරී පැමිණ ප්‍රේක්ෂකයන් දෙස කෝපයෙන් බලා සිටින ආකාරයත් මෙම හැසිරීම හේතුවෙන් හටගත් මතභේදාත්මක තත්වයත් හේතුවෙන් බොහෝ දෙනා විවිධ අදහස් පළ කරමින් තිබෙන අතර කෝලිගේ බිරිඳ පිළිබඳවද සිහිපත් වෙමින් ඇත.
තරගයේ පළමු දිනයේ පන්දු ඕවරයක් අවසානයේදී කෝලි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ටාස්ගේ උරහිසේ උවමනාවෙන් ගැටෙන අයුරු දක්නට ලැබුණ අතර එම හැසිරීම සම්බන්ධයෙන් ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 20ක දඩයක් ලෙස අය කරගැනීමට සහ ඔහුගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් එකතු කිරීමට ක්‍රිකට් බලධාරීහු කටයුතු කළහ.