තම පෞද්ගලික ෆේස්බුක් පිටුවේ කවි ලියා පළ කළැයි චෝදනා එල්ල වි සිටි කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ තරුණ ගුරුවරයකු වන කුෂාන් ශාලික වෙනත් පාසලකට ස්ථාන මාරු කර ඇතැයි වාර්තා වේ.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ සේවයේ අවශ්‍යතා මත යැයි කියමින් ගුරුවරයා ස්ථාන මාරු කර තිබුණ ද ඇත්තටම සිදුවී ඇත්තේ පළි ගැනීමක් බවයි.
මේ පාසලේ පරිපාලනය ගැන අවස්ථා කිහිපයකදී අධ්‍යාපන ඇමැතිවරයාට පැමිණිලි කර ඇති බව ස්ටාලින් මහතා පවසයි.
ඒ සෑම අවස්ථාවකම ඇමතිවරයා කීවේ කිසි විටෙකත් පලිගැනීම් නොකරන බව යැයි ද ඒ මහතා කියයි.ඇමැතිවරයා එසේ කියා තිබිය දී මෙම ගුරුවරයා ස්ථාන මාරු කර තිබෙන බවත්, ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.
එම කවි අතර පාසල් පරිපාලනය විවේචනය කරන කවියක් ඇති බවට චෝදනා එල්ල වුවත් ඒ ගැන තිබූ විමර්ශනයේදී මෙය සම්පූර්ණයෙන් අසත්‍යක් බව ගුරුවරයා ප්‍රකාශ කර තිබිණි.
කුෂාන් ශාලික ලියු කවියක් පහතින්.
__________________________________
අයිලයේ තැන් තැන් වල
පෝස්ටර් වල මූණ දාගෙන
ඔයා හිනැහෙනව ඒ වාගෙම
විස්වාස කරන්නත් අමාරුයි
දුයිෂෙන්න් මේ ඔයාමද....?
කළු රබර් පාවහන්
දූවිලි මිරිවැඩි අරන්
ආ පැටවු මත්තේ නැහුණු
මහා හදවත මරං
ඇයි ඔයා මෙහෙ ආවෙ
ඇමති පස්සෙන් ගිහින්
සිදාදියකට මාරුවක් හදං
මමත් දැන් මෙහෙ
කතිර මැස්මටම හුරු වෙනව
ජුකී මැශිමටම ජීවිතේ දිය වෙනව
ෆැක්ටරිය ඇතුලෙම
දවල් රෑ එලි වෙනව
ඔයින් මෙයින් කල වයස ගෙවිලා
ජීවිතේ ශිෆ්ට් එක පහුවෙනව
වසන්තය එනවා සත්තයි
දුයිශෙන් ඔයා කීවම
මමත් හිතුවේ එහෙමයි
ඒත් අයිලයට තවම ගිම්හානෙ
අප්පච්ව්ලාගේ ජීවිතේ කටුකයි
සල්ලි බාගේ හිඟ තැන
අම්මත් ගියා මුහුද පහු කරහෙන
එයාගෙනුත් තොරතුරක් නෑ
ගේ උනත් දැන් හුඟක් පාලුයි
පිදුරු අතුලා අටවපු
ඉස්කෝල මඩුවේ
මතකද එල්ලාපු ලෙනින්ගෙ පින්තූරේ
මම දැක්ක ඔයාගේ ටියුට් වල
පිටිපස්සෙ පිටුවේ
විප්ලවේ දැන් දරුණුයි නේද
නගරෙ ටියුෂන් ක්ලාස් අතරේ
කඩදාසි පිටු වලට
නම වැටෙනකොට ලොකුවට
සාරයිද මගෙ ගුරුතුමනි ජීවිතය
කටුක ගිම්හානයට,
ශීත හිම සුලියකට හසුනොවී
ගුරුතුමනි,
වසන්තය නුඹ ගන්න
අයිලයට වුනත් මොකටද
අපි හැර කවුරුවත් නාඳුනන
කැහැටු පොප්ලර් අතු ටික
කඩදාසි කලහැකිනම්
ඒ ගස් දෙකත් නුඹ ගන්න