දෙසතිය කවරය ප්රවීන රංගනවේදිනි අයිරාංගනී වෙනුවෙන් වෙන්වෙයි
රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව විසින් ප්රකාශයට පත් කරනු ලබන “දෙසතිය” සඟරාවේ කවරයේ කතාව මෙවර වෙන් වන්නේ ශ්රී ලාංකේය කලා ක්ෂේත්රයේ ප්රගමනයට අනුපමේය මෙහෙවරක් ඉටුකළ අයිරාංගනී සේරසිංහ කෘතහස්ත රංගවේදිනියගේ කලා දිවියට උපහාරයක් පුද කිරීම පිණිස යි.
ඒ උදෙසා සම්පාදනය කළ දෙසතිය සඟරාව අද (8) දින රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව විසින් ප්රවීන රංගනවේදිනිය වෙත ඇයගේ නිවසේ දී පිළිගන්වා තිබේ.