lan englan tam

පුවත්

සවන් පිනවන ශාන්ත අන්තෝනි බැති ගීතිකා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශුද්ධවූ අන්තෝනි මුනීන්ද්‍රයාණන්ගේ මංගල්‍යය අද දිනයේ ලෝකවාසී කතෝලික බැතිමතුන් විසින් සමරනු ලබන අතර එහි ප්‍රධාන දේව මෙහෙය අද (13) දිනයේ කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්විණි.

එහිදී ප්‍රධාන දේශනාව කළ පියතුමාණන් විසින් පවසනු ලැබුවේ පාදුවාවේ අන්තෝනි ලෙස සඳහන් කළද ශුද්ධවූ අන්තෝනි හෙවත් ශාන්ත අන්තෝනි මුනිතුමාණන්ගේ නම සහ ප්‍රදේශය එම දෙකම නොව පෘතුගාලයේ ලිස්බන්හි උපන් උන්වහන්සේ ෆනෑන්ඩෝ මාටිනස් බුල්හෞස් බවය.
කෙසේනමුත්, ශාන්ත අන්තෝනි මුනීන්ද්‍රයාගේ නමින් සහ පාදුවා නගරය ගැන කියමින් කළ ගීතිකා සහ ගීතාවලිය සෑම බසකින්ම ඉතා ජනප්‍රිය වේ.

ජනප්‍රිය ගායක ඇන්ටන් ජෝන්ස් විසින්ද එවැනි ගීතයක් ගයනු ලැබ තිබෙන අතර එයද බෙහෙවින් ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය වේ.

 

Back to top
Go to bottom

Popular News