චාමික හත්ලහවත්තගේ කෘතී දෙකක් දොරට වැඩිම සහ වේදිකා නාට්‍ය දැක්මක් එළැඹෙන 13 වැනි බදාදා සිදු කිරීමට නියමිතය.
එහි පළමු කටයුත්ත ලෙස පඹයයි ළමයයි ළමා හා යොවුන් නාට්‍ය දැක්ම සමඟ ග්‍රන්ථය දොරට වැඩුම එදින පස්වරු 2.30 සිට 4.30 දක්වා පැවැත්වෙනු ඇත.
දෙවැනි අදියර ලෙස මකරට වේදිකා නාට්‍ය පෙළ දොරට වැඩුම සහ සාකච්ඡාව එදිනම පස්වරු 4.30 සිට 6.00 දක්වා සිදු කිරීමට කටයුතු සුදානම් කර තිබේ.
එක් දිනක් තුල ළමයින් සහ වැඩිහිටියන් වෙනුවෙන් නිර්මිත මෙම වැඩසටහන දෙහිවල එස්.ද එස්. ජයසිංහ රඟහලේදී පැවැත්වෙනු ඇත.